අගමැති රනිල් ඉල්ලා අස්වෙයි: අගමැති මහින්ද

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (19) සවස ජනපති කාර්යාලයේදී සිදුව ඇති බව වාර්තා වෙනවා.

මෙහිදි පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කොට ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුවක් යටතේ රජය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ජාවි ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේ.

මේ අතර ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරන්නේ හෙට හෝ අනිද්දා අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්විමට නියමිත බවයි. ඒ සමග 15 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත අතර අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත්වනු ඇති බවයි විශ්වාස කරන්නේ.

Recommended For You

About the Author: Editor