සජිත්ගේ ජනපති ව්‍යාපාරයට ලැබුණු අරමුදල් ‘යටිමඩි ගහලා’ – නියෝජ්‍ය ඇමැති නලීන්ගෙන් චෝදනා

‘ජනාධිපතිවරණයේදී ප්‍රමාණවත් අරමුදල් නොලැබුණු බවත්, වෙන්කළ අරමුදල්වලට සිදුවූයේ කුමක්දැයි සෙවිය යුතු බවත්’ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා අවධාරණය කරනවා.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ අද (19) පැවති මාධ්‍ය හමුවකදී නලීන් බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හොබවන ඓතිහාසික පාවාදෙන්නන් පිරිසක් විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් කළා. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමට පෙර මහ මැතිවරණයක් පැවැත්විය යුතුයැයි අදහස් ප්‍රකාශ කරනුයේ එම පාවාදෙන්නන් තමයි.

සජිත් ප්‍රේමදාස මහතා පරාජයවනු දැක පක්ෂයේ තනතුරුවල රැඳීසිටීමට උත්සහ කරන මෙම පිරිස හදිසි මහමැතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට ජයග්‍රහණය බන්දේසියක දමා ප්‍රදානය කිරීමට කටයුතු කරගෙන යනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ඇමති මණ්ඩලයට තවදුරටත් එම ධූර දැරීමට සදාචාරාත්මක අයිතියක් නෑ. ආණ්ඩුවේ සිට විපක්ෂයේ අසුන් ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා නිලධාරි මණ්ඩලය වෙනස් කර නව නිලධාරි මණ්ඩලයක් හා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්නොකළහොත් මම එජාප බිංගිරිය ආසන සංවිධායකධූරයෙන් ඉවත්ව වෙනත් දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනයනවා” යැයි ද නලීන් බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළා

Recommended For You

About the Author: Editor