එජාපය විපක්ෂයට යනවා – ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යනවාද නැද්ද ? යන්න අවසන් තීරණය ගැනීම සඳහා අද (20) සවස 04.30 අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයේ ඇමැතිවරුන් අරලියගහ මන්දිරයේදී රැස්වන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා lankaepress.com සමග පැවසුවේය.

එම රැස්වීමෙන් පසුව අගමැතිවරයා ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වනු ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒ සමග අවස්ථාව හිමිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

එජාපය විපක්ෂයේ සිට ආණ්ඩුවට විවේචනාත්මක සහායක් ලබා දෙන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

Recommended For You

About the Author: Editor