නව රජයේ අගමැති ‘මහින්ද රාජපක්ෂ’

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර තිබෙනවා.

අද (20) ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍යධුරය යටතේ ආණ්ඩුවක් පිහිටුවන බවයි.

ජනපතිවරණ ව්‍යාපාරයේදී ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව ජනතාව හමුවේ අවධාරණය කළා.

Recommended For You

About the Author: Editor