සජිත්ගේ ජනපති ව්‍යාපාරයට ලැබුණු අරමුදල් ‘යටිමඩි ගහලා’- නලීන්ගේ චෝදනා ගැන එජාපයේ දැඩි අවධානය

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ව්‍යාපාරය පිළිබඳව රාජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා (19දා) පළ කළ අදහස් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානය යොමු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳයහිව් නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනපතිවරණ ව්‍යාපාරයට දුන් මුදල් අවභාවිත කර ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති බවයි.

මෙවැනි වාර්තාවක් විශ්වාසනීය මූලාශ‍්‍ර මගින් ‘lankaepress,com ’ වෙත ද ලැබුණු අතර එහිදී සඳහන් වුණේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කළමනාකරු ලෙස කටයුතු කළ මලික් සමරවික‍්‍රම මහතා අවසාන මොහොතේ අදාළ මුදල් ලබා නොදී මගහැර ගිය බවයි.

මේ අතර ලංකාඊපේ‍්‍රස් වෙත සුවිශේෂ හෙළිදරව්වක් කළ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රචාරක ව්‍යාපාර ප‍්‍රබලයෙකු සඳහන් කළේ විද්‍යුත් හා පුවත්පත් සඳහා අති විශාල වශයෙන් දැන්වීම් ලබාදීම පිටුපස දැවැන්ත ‘කොමිස් වංචාවක් ද සිදුව ඇති බවයි.

‘එයාලාට ඕනෑ වුණේ ප‍්‍රධාන මාධ්‍යවලට දැන්වීම් සේරම දෙන්න. ඒ එහෙම දුන්නාම දැවැන්ත කොමිස් මුදලක් ලබා ගන්න පුළුවන් නිසා. ඒ නිසා අපිට හිතවත් වෙබ්සයිට්වලට කිසිම දැන්වීමක් දෙන්න බැරි වුණා. ඒකට හේතුව තමයි වෙබ්වලට අනුග‍්‍රහය දැක්වුවහොත් ‘කොමිස් ගන්න බැරි වෙන නිසා’ ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු හෙළි කළ තවත් එජාප ප‍්‍රබලයෙක් කියා සිටියේ පසුගිය 2010,2015 ජනාධිපතිවරණවලදී ද මේ කොමිස් ගැසීම් හා ලබා දුන් මුදල් වියදම් නොකිරීම් ගැන එජාප ප‍්‍රබලයින් කිහිප දෙනකුට ප‍්‍රබල චෝදනා තිබෙන බවයි. ‘තීරණාත්මක මොහොතේදී පක්ෂය පවා දුන් මහ ලේකම්වරයෙක්ට මේ ගැන බරපතළ චෝදනා තිබෙනවා’ ඔහු වැඩි දුරටත් කියා සිටියා.

Recommended For You

About the Author: Editor