භාරකාර ආණ්ඩුවේ ‘මිනි කැබිනට් මණ්ඩලය’ හෙට දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.

භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ විජේරාම මාවතේ නිල නිවසේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පැවසූ බව ශ‍්‍රීලපොපෙ ජ්‍යේෂ්ඨයෙක් සමග පැවසුවේය.

නව කැබිනට් මණ්ඩලය ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළත් වනු ඇතැයි සදහන් කළ ශ‍්‍රීලපොපෙ ජ්‍යේෂ්ඨයා කැබිනට් ඇමැතිවරුන් 15 දෙනාට අමතරව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමක් සිදු නොවන බව ද සදහන් කළේය.

Recommended For You

About the Author: Editor