මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරීමේදි රජයේ මුදල් කෝටි 33ක මුදලක් අවභාවිත කළ බවට එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුවෙන් ජනපතිවරයා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (21) නියෝග කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25/1 වගන්තිය අනුව ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධන නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් ජනපතිවරයා එම නඩුවෙන් නිදහස් කර තිබේ.

ඒ අනුව ජනපතිවරයාට එරෙහිව පවරා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය යළි භාර දෙන ලෙසද අධිකරණය නියෝග කළේය

Recommended For You

About the Author: Editor