ලසිත් මාලිංග ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් ‘සමුගැනීමේ තීරණය’ හකුලා ගනී

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ද තමා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය දැරීමට කැමැත්තෙන් සිටින බව ලසිත් මාලිංග පවසනවා.

මාලිංග තම අදහස් හෙළිකර ඇත්තේ ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡුාවකදීයි. එහිදී ඔහු සදහන් කර ඇත්තේ තවත් වසර දෙකක් පමණ විස්සයි 20 ක‍්‍රීඩා පිටියේ රැදී සිටීමට තරම් තම ශාරීරික යෝග්‍යතාවය යහපත් මට්ටමක පවතින බවයි.

ලසිත් මාලිංග ලබන වසරේ දී ඔස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලානයෙන් පසුව විශ්‍රාම යන බව මීට පෙර ප්‍රකාශ කළ අතර ඔහු නවසීලන්තය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති 20-20 අවසන් තරගයේදී තම සමුගැනීම උත්සවාකාරයෙන් සැමරීමට ද පියවර ගත්තා.

මාලිංගගේ නව තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසන්නේ, ‘සැප්තැම්බර් මාසයේ නවසීලන්තය සමග පැවති තරගාවලියෙන් ශ්‍රී ලංකාව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ පළපුරුදු තිසර පෙරේරා යන දෙදෙනාම ඉවත්ව යන විට දෙවන වරටත් එම භූමිකාවට පිවිසි මාලිංග අද්දැකීම් අඩු කණ්ඩායමට නායකත්වය දීමෙන් ප්‍රබෝධමත් වූ බව පෙනේ. එහෙත් 2020න් පසු ඔහු ගන්නා තීරණයට තවමත් වලංගුභාවයක් ලැබී නැත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මාලිංග සම්බන්ධයෙන් අනුගමනය කරන පියවර තවමත් හෙළිකර නැති නිසාය.’

‘ලෝක කුසලානය සඳහා මම නායකත්වය දිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කළා. විස්සයි විස්ස තරගයකදී පන්දු යවන්නෙක් විසින් දැමිය යුත්තේ ඕවර හතරක් පමණයි. මට මගේ ශාරීරික යෝග්‍යතාවය ගැන විශ්වාසයක් තිබෙනවා. මට එය කළමනාකරණය කරගත හැකියි. නායකයෙකු ලෙස මම ලොව පුරා විස්සයි විස්ස තරග ගණනක් ක්‍රීඩා කර ඇති නිසා එම කාලය තවත් අවුරුදු දෙකක් සඳහා කළමනාකරණය කළ හැකි බව මගේ විශ්වාසයයි’ මාලිංග පවසනවා.

ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරගවලදී කඩුළු 100ක් ලබා ගත් ලොව එකම පන්දු යවන්නා වන ලසිත් මාලිංග තවමත් විශ්වාස කරන්නේ තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව යුගයකට මාරුවීමට ඔහුට හැකියාවක් ඇති බවයි.

‘තරුණ ක‍්‍රීඩකයින් වෙනුවෙන් මට යමක් දිය හැකි යැයි මා විශ්වාස කරන්නේ නම් මම එහි සිටිය යුතුයි. ඔවුන්ට යමක් කියා දීමට මට හැකියි. ඒත් ඒ සදහා මම ඔවුන් සමග පිටියේ සිටිය යුතුයි. පිටියෙන් එපිට සිට කිසිවක් කළ නොහැකියි’

මාලිංග නායකයා ලෙස නැවත පැමිණි දා සිට ශ්‍රී ලංකාව ඔහුගේ නායකත්වය යටතේ විස්සයි විස්ස තරග 10 න් 8 ක්ම ජයග්‍රහණය කළ අතර එකක් පරාජයට ද එකක් ජය විසදුමකින් තොරව නිමාවට ද පත් විය.

නවසීලන්ත තරගාවලියේ තෙවැනි හා අවසන් විස්සයි 20 තරගයේදී මාලිංග 6 ට කඩුලු 5ක් දවාගනිමින් පන්දු 4කදී කඩුලු 4ක් දවාගනිමින් සිය වෘත්තීය දිවියේ දෙවන වතාවටත් ඔහුගේ හොඳම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවට පිවිසියේය.

ලොව අති දක්ෂ පන්දු යවන්නෙක් වන මාලිංග මේ වන විට අබුඩාබියේ පැවැත්වෙන ටී 10 තරගාවලියේදී ද තම දක්ෂතා ප‍්‍රකට කර තිබේ.

මාලිංග සිය වෘත්තීය දිවියේ සන්ධ්‍යාවේ සිටියද ඔහු තවමත් ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයෙකු බවට තවත් සාක්ෂි සපයයි. මේ වසරේ අයිගපීගඑල්ග අවසන් මහා තරඟයේ අවසන් ඕවරයේදී ඔහු ලකුණු අටක් පමණක් ලබාදීම නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග‍්‍රාහකයා බවට පත් විය. එය ඔහුට ලබා දුන් ත්‍යාගයක් බදුය.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor