කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්: කැබිනට් ඇමතිකම් ලැබූ මන්ත‍්‍රීවරු මෙන්න

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිත බව ජනපති ලේකම් කාර්යාලය සදහන් කරයි.

කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතය. ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට නව කැබිනට් මණ්ඩලය අගමැතිවරයා ද සමග 16 දෙනකුගෙන් සමන්විත වන අතර ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ විමල් වීරවංශ, ආරුමුගන් තෝණ්ඩමන්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා පක්ෂ නායකයින්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිව තිබෙන නමුත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප‍්‍රභාත් ගම්මන්පිලට අමාත්‍ය ධුරයක් හිමි නොවීම විශේෂත්වයකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, සහ මහින්ද අමවරවීරට ද අමාත්‍යධුර හිමිව ඇත.

එම නාම ලේඛනය පහත දැක්වේ.

මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල, ආරුමුගන් තෝණ්ඩමන්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්ච, මල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, රමේෂ් පතිරණ, ප‍්‍රසන්න රණතුංග

Recommended For You

About the Author: Editor