ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණ වෙනුවෙන් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි – හර්ෂ ද සිල්වා

”එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයක්. පක්ෂය ඇතුලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබිය යුතුයි. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ වගේම ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණ වෙනුවෙන් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි”

ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ පසුබෑම සහ පක්ෂය ඉදිරියේ දී ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් lankaepress.com සමග අදහස් දැක්වූ  හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් මෙසේ ද සඳහන් කළේය.

”මම වෘත්තියවේදියෙක් විදියට දේශපාලනයට අවතීර්ණ වුණා.  වෘත්තීයවේදියකු ලෙස කටයුතු කරන ගමන් මම අවුරුදු 10ක් රට වෙනුවෙන් දේශපාලනය කළා. ඒත් වෘත්තීයවේදීන් විදියට අපිට ඉදිරියට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.  අපිට කුඩම්මාගේ සැළකිලි ලැබුණේ.  වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. වෙන වෙන අයට තමයි ඒ අවස්ථාව ලැබුණේ.

ඒත් අපට පුලූවන් විදියට අපි සේවය කළා. සුව සැරිය ගිලන් රථ සේවය හඳුන්වා දුන්නා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරිම වෙනුවෙන් විශාල වැඩසටහනක් සිදුකළා.

ජනාධිපතිවරණයේ සහ පසුගිය මැතිවරණවල පසුබෑම තේරුම්ගෙන ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ඉලක්ක ගත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා අපේ වැරදි අපි නිවැරදි කර ගත යුතුයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයක්. පක්ෂය ඇතුලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබිය යුතුයි. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ වගේම ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණ වෙනුවෙන් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අපි විශාල පරාජයක් ලැබුවා. ඒ වෙලාවේ මේ පරාජය පිළිබඳ සොයා බලා ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන කමිටුව පත්කළා. එම කමිටුව නිර්දේශ ඉදිරිපත් කලත් මෙතෙක් ඒවා ක‍්‍රියාත්මක කර නැහැ. පසුගිය ජනාධිපතිවරණයේ දී අප ලැබූ පරාජයට එයත් හේතු වූවා. මේ නිසා වහාම රුවන් විජයවර්ධන කමිටු නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසට මම යෝජනා කරනවා”

Recommended For You

About the Author: Editor