කවුරු කිව්වත් හමුදා පාලයක් ගේන්නේ නෑ – ආරක්ෂක ලේකම්

‘කවුරු කිව්වත් හමුදා පාලයක් ගේන්නේ නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉදිරියට ගෙනි යනවා. කිසිම කෙනෙකුට හානියක් නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි ඇති කරනවා’ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අවධාරණය කළා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව අවධාරණය කළේ ‘හමුදා පාලනයක් ආරම්භ වන බවට’ ඇතැම් සමාජමාධ්‍ය විසින් ගෙනයන ප‍්‍රචාරය පිළිබද කරුණු පැහැදිලි කරමින්. වැඩි දුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා,

“රටේ සාමාන්‍ය නීතිමය ප්‍රශ්න ඇතිවුණ විට අපි ඒකට යොදන්නේ පොලීසිය. පොලීසියට භාර දී තිබෙනවා නීතිය හා සාමය ආරක්ෂා කරලා රටේ ජනතාවට සාමයෙන් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් ඇති කර දෙන්න.

යම්කිසි කලබල තත්ත්වයක් ඇතිවෙලා පොලීසියට ඒක පාලනය කරන්න බැරිනම් ඒකට යොදවනවා අපි පොලීසියේ විශේෂ කාර්ය බළකාය.

රටේ පාලනය කරන්න බැරි තත්ත්වයක් ඇතිවුණොත් විතරයි හමුදාව යොදවන්නේ. ඉතින් මේ ගැන කිසිම කලබලයක් වෙන්න ඕන නෑ. හමුදා පාලනයක් ගෙනියන්න කිසිම අදහසකුත් එහෙම වෙන්නෙත් නෑ.

Recommended For You

About the Author: Editor