පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල වර්ධනයක් – මැතිවරණ නිරීක්ෂණ සංවිධාන

මැතිවරණ සමයේදී හා ඡන්ද විමසීම් දිනය තුළදී යම් සාමකාමී තත්ත්වයක් පෙන්නුම් කළද, ගෙවී ගිය සතිය තුළදී බැන තර්ජනය කිරීම්, පහරදීම් වැනි සිද්ධීන් තිස් පහක් වාර්තා වී තිබෙන බවද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මැතිවරණ සමය සංසන්දනය කිරීමේදී ගෙවී ගිය දින හතක කාලය තුළදී නීති උල්ලංඝනය කිරීම් ඉහළ යෑමක් සිදුව තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

ගෙවී ගිය සතිය තුළදී පහරදීමේ සිද්ධීන් 22ක් ඇතුළුව සිද්ධීන් 28ක් වාර්තා වූ අතර, මේ හේතුවෙන් 20දෙනෙකු රෝහල්ගත වී තිබෙන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට ඡන්ද විමසීම දක්වා වූ කාලය සැලකීමේදී යම් සාමකාමී තත්ත්වයක් පැවැති බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor