සජිත්ට ‘වළ කැපුවේ’ කවුද ? – 01: මඩින්ම ගොඩයන්න සැලසුම් කළ ‘සමාජ මාධ්‍ය මැරයෝ’

ආයි දෙකක් නැහැ සමාජ මාධ්‍යවලින් නම් සජිත්ගේ අහලටවත් ළං වෙන්න පොහොට්ටුවට බෑ’ මේ දවසෙම මුහුණුපොතේ මුහුණ ඔබාගෙන සිටින මගේ මිතුරෙක් කී කතාවකි. ඔහුට අනුව සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ‘ගාමක බලවේගය’ බවට පත්ව තිබුණේ සමාජමාධ්‍ය වන අතර වෙබ්අඩවි තිබුණේ ඊට ගව්වක් තරම් දුරකිනි.

‘සජිත්ගේ කැම්පේන් එක දිව්වේ සෝෂල් මීඩියාවලින්’ ජාතික මාධ්‍යවල දීර්ඝ කාලයක් සේවය කර මේ වන විට ප‍්‍රකට වෙඞ්අඩවියක් පවත්වා ගෙන යන ‘වෙබ් කර්තෘවරයෙක්’ ද මගේ මිතුරා කී කතාව යළිත් සනාථ කළේය.

මේ අතර මේ වන විට විශ‍්‍රාමිකව නිවසට වී කාලය ගතකරන ‘කැපුවත් කොළ එජාප පාක්ෂිකයෙක්’ ලියුම්කරුට මැතිවරණයට දින දෙකකට පෙර මුණ ගැසුණේය.

‘ඔයාලාගේ වෙබ්සයිට්වල තියෙන්නේ මෙනවද ? මේන් යූ ටියුබ් එකේ තියෙන දේවල්’ ඔහු සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් කලඑළි බැස ඇති නිමක් නැති ‘යූ ටියුබ් නාලිකා’ මගින් මුදා හැරි විවිධාකාර වීඩියෝ සහ සංස්කරණය කරන ලද ඡුායාරූප ගොන්නක් පෙන්නුවේය.

‘ඔයාලා එකක් දාන කොට මේවා දහයක් දානවා. පට්ට කතා’ ඔහු තමා ළඟ තිබෙන ‘අපි නොදන්න’ තොරතුරු සම්භාරය ගැන මවාගත් අභිමානයකින් දෝ කීවේය.

තවත් ඔහු සමග තර්ක කිරීමට අවශ්‍ය නැත. ‘ගහ දන්නා මිනිහාට කොළ කඩා පාන්නා සේ’ සිදු වෙමින් පවතින ‘සමාජමාධ්‍ය මාෆියාව’ එසේ නැතහොත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා නිතර නිතර අවධාරණය කළ ආකාරයට ‘සමාජ මාධ්‍ය මැරයන්’ ගේ මැරකම් ගැන අලූතින් අසා ගැනීමට තරම් කතාවක් මට තිබුණේ නැත.

‘අන්තිම දවස් වෙන කොට මම පුදුම විදිහට කම්පනයට පත් වුණා සේෂල් මීඩියාවල ෂෙයාර් වුණ නිවුස් දැක්කාම. කිසිම මූලාශ‍්‍රයක් නැහැ. ආචාරධර්ම ගැන අබමල් රේණුවක තැකීමක් නැහැ. සම්පූර්ණයෙන්ම මාෆිකාවක් ක‍්‍රියාත්ක වුණේ. අන්තිමට අපිට සිද්ධ වුණා අපේ සයිට් පස්සට ගන්න. මුළු සයිබර් අවකාශයම අත්පත් කරගෙන හිටියේ නමක් ගමක් නැති සයිබර් මැරයෝ ටිකක්’ ප‍්‍රමුඛ වෙඞ් අඩවියක සංස්කාරකවරයෙක් තමන් මුහුණ දුන් තත්ත්වය පැහැදිලි කරමින් කියා සිටියේය.

‘වෙබ්වලට කිසිම උදව්වක් කළේ නැහැ. දැන්වීමක් දුන්නේ නැහැ. සම්පූර්ණ ගාන කපා ගත්තේ facebook, යූ ටියුබ් ටිකකුයි. සජිත්ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය කරට ගත්ත කණ්ඩායම හිතුවේ ‘මඩගහලා’ වැඬේ ගොඩදාන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා පුළුවන් තරම් මඩම ගැහුවා. ඒත් මේ කල්ලිය දැනගෙන හිටියේ නැහැ මේ වැඩෙන් එක පාවෙන ඡන්දයක් දිනා ගන්න බැහැ කියලා. ඒක ඡන්ද ප‍්‍රතිඵලවලින් ම හොඳට පැහැදිලි වුණා. එජාප මැතිවරණ ඉතිහාසයේ අඩුවෙන්ම මධ්‍යම පාන්තික ඡන්ද, පාවෙන ඡන්ද ලබාගත්තේ මේ ඡන්දෙදි. ඒකට හේතුව වුණේ ‘තොරතුරු, දැනුම, අවබෝධය හා පොළඹවා ගැනීම වෙනුවට ‘මඩ ගැසීමම’ එකම ප‍්‍රචාරක උපක‍්‍රමය බවට පත්කර ගැනීම’ ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

සමාජ මාධ්‍ය මාෆියාව උරුම කළ දේ

‘ලංකාවේ සමාජමාධ්‍ය භාවිතය තුළ පසුගිය කාලය පුරාම දැඩි අර්බුදයක් තිබුණා. ඒ ලෝකයේ බොහෝ රටවල්වලට සාපේක්ෂව වැඩිම ‘ෆේක් නිවුස්’ එහෙම නැතිනම් ‘ව්‍යාජ පුවත්’ ප‍්‍රචාරණය කළේ ලංකාවේ සමාජමාධ්‍ය හරහා. විශේෂයෙන් ෆේස්බුක් එක සහ යූ ටියුබ් නාලිකා හරහා. වෙබ්සයිට්වල ඒක සැලකිය යුතු විදිහට සිද්ධ වුණේ නැහැ. මොකද ෆේස්බුක් එකක් වාගේ බොහොම පහසුවෙන්, කිසිම වියදමකින් තොරව වෙබ්එකක් ආරම්භ කරන්න බැහැ. ඒ සඳහා සැලකිය යුතු මූල්‍ය වියදමක් වගේම තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. ලියන්න, සංස්කරණය කරන්න අවශ්‍යයි. ඒත් ෆේස්බුක් එකක එහෙම නැහැ. ඒ නිසා ෆේස්බුක් හරහා අති දැවැන්ත විදිහට, නිර්මාණාත්මක (ව්‍යාජ) ලෙස ෆේක් නිවුස් සංස්කරණය වුණා. ඒත් අපි හඳුනා ගත්ත ආකාරයට මේවා හුදකලා ෆේස්බුක් පිටු හරහා එක් වුණ ඒවා නොවෙයි, ඉතාම සංවිධානාත්මකව සිදු වුණ දේවල්. පසුගිය කාලය පුරාම ජනප‍්‍රිය වෙලා තිබුණ ෆේස්බුක් පිටු සියල්ලම වාගේ මේ කටයුත්තට යොදා ගෙන තිබුණා. මේක සැලකිය හැකි වන්නේ ‘සමාජමාධ්‍ය අපයෝජනයක්’ විදිහටයි. ඔබ, මම කිසිම ආකාරයකින් සම්බන්ධ නොවුණ සමාජමාධ්‍ය අඩවිවලින් අඛණ්ඩව පෝස්ට් ලැබුණා. අපි නිරීක්ෂණය කළ ආකාරයට ඒක අධි ධාරිතාවක්. සාමාන්‍යයෙන් මුහුණපොත තුළ සිටින අයෙකුට දරාගන්න බැරි තරම් අතිරිත්ත පෝස්ට් ප‍්‍රමාණයක් විවිධාකාර ක‍්‍රමවලින් ආවා’ නවමාධ්‍ය ගැන, විශේෂයෙන් සමාජමාධ්‍ය අවභාවිතය ගැන දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණවල නිරත වෙමින් සිටින ආචාර්ය ලීලානන්ද විතානවසම් මහතා කිව්වා.

ඔහු එහිදී අවධාරණාත්මකව කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ සමාජමාධ්‍ය අවකාශය අවභාවිත කරමින් වැඩිම පෝස්ට් ප‍්‍රමාණයක් එක් කළේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වන පාර්ශ්ව විසින් බව තමන් නිරීක්ෂණය කළ බවයි.

‘මේක සිද්ධ වුණේ මාෆියාවක් වාගේ. අඛණ්ඩව ඉතාම පැහැදිලිව ව්‍යාජ පුවත් බවට, සංස්කරණය කළ බව පෙනී යන පුවත් හුවමාරු වුණා. ඒවා මිලියන ගණනින් හුවමාරු වෙලා තිබුණා. ඒත් ප‍්‍රශ්නය වුණේ ඒ සියලූම පුවත් ‘ව්‍යාජ ඒවා වීමයි. මේ ව්‍යාජ පුවත් මගින් ජනමතය පාලනය කරන්න බැරි බව පැහැදිලිව පෙනී ගොස් තිබියදීත් කුමන අරමුණකින් හෝ ඒවා අධි ධාරිතාවකින් හුවමාරු වුණා’ ඔහු වැඩි දුරටත් පැහැදිලි කරමින් කියා සිටියා.

‘ඇත්තටම ජනාධිපතිවරණයට බොහෝ කාලයකට පෙර සමාජමාධ්‍ය අවකාශය තුළ බහුලව හුවමාරු වුණේ සිංහල බෞද්ධ ජාතිවාදී ප‍්‍රවණතාවට අනුබල දෙන දේවල්. ඒවා අඛණ්ඩව වසර කිහිපයක් තිස්සේ හුවමාරු වීම සමග, ඒ සමපාත වන ලෙස ආර්ථික – දේශපාලන සිදුවීම් පෙළගැසීම සමග මේ මතවාද සහ සමාජමාධ්‍ය අඩවි, පිටු සමාජය තුළ තහවුරු වෙලා තිබුණා. ඒවා මතවාදී තලයේ, ආයාසයකින් තොරව හුවමාරු වුණා. ඒ සඳහා අමතර බරක් යෙදීමට අවශ්‍ය වුණේ නැහැ. ඒක සිදු වුණේ ස්වේඡාවෙන් වාගේ.

ඒත් ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වන සමාජ මාධ්‍ය මෙහෙයුම සිද්ධ වුණේ ‘බලහත්කාරයෙන්’ වාගේ. ඒවායේ ස්වේච්ඡාවෙන් ‘හුවමාරුවීමක් සිදු වුණේම නැහැ. මේ හරහා වුණේ ඇත්තටම අගතියක්. ආමන්ත‍්‍රණය කළ යුතු පාර්ශ්වයන්ට, ඡන්ද දායක කොට්ඨාශවලට ප‍්‍රවේශ වීමට ඔවුන් කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ. සිද්ධ වුණේ පිරුණු කලගෙඩි පුරවනවා වාගේ, එහෙම නැතිනම් මුනින් අතට හැරවූ කලගෙඩිවලට වතුර වත්කරන්නා වාගේ සිදුවීමක්. අපේ නිරීක්ෂණය තමයි පිළිගත්, ස්ථාවර තත්ත්වයේ පැවැති අන්තර්ජාල අඩවිවලින් සිදු වුණ දේ අහලටවත් එන්න මේ ‘සමාජමාධ්‍ය මැරකම්වලට’ නොහැකි වුණා’ ආචාර්ය ලීලාන්නද විතානවසම් මහතා වැඩි දුරටත් කියා සිටියා.

‘මැතිවරණයේ ඡුන්ද ගණනය කිරීම් සිදුවන විට පවා ඇතැම් සමාජමාධ්‍යවලින් අතිෂයින් සාවද්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය වුණා’ ආචාර්ය ලීලාන්නද කිව්වා.

‘ඔබම හිතන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය අති සූක්ෂම ලෙස සැලසුම් කළ, අඛණ්ඩව හා නිර්මාණාත්මකව සිදු වුණ දෙයක්. ඒ සඳහා සියලූම සන්නිවේදන ක‍්‍රම ඔවුන් භාවිතයට ගෙන තිබුණා. විශේෂයෙන් ‘අන්තර් පුද්ගල සන්නිවේදනය’ ඒ කියන්නේ දෙදෙනෙක් හෝ තිදෙනෙක් අතර සිදුවන සන්නිවේදනය. ඔබ ගමනක් යාමට නගින ත‍්‍රිරෝද රථයේ, බඩුවක් ගන්න ගොඩවෙන සිල්ලර කඩයේ, දුම්රියේ හෝ බස්රථයේ මේ හැම තැනකම මේ සන්නිවේදනය සිදු වුණා. අපි නිරීක්ෂණය කළ ආකාරයට මේ හැම තැනම සන්නිවේදකයා වුණේ පොහොට්ටු පක්ෂයට හිතවත් හෝ කැමැත්කක් ඇති අයෙක්. ශ‍්‍රාවකයා වුණේ එජාප පාක්ෂිකයෙක් හෝ වෙනත් අයෙක්. ඒ වගේම කුඩා කණ්ඩායම්වලට කතා කිරීම. මේක උපකාරක පන්තිවල අති සූක්ෂම ලෙස සිදු වුණා. ඒ ගැන කිසිවෙක් අවධානය යොමු කළේ නැහැ. ඒ වගේම පන්සල ප‍්‍රමුඛ ආගමික ස්ථාන. අද පහළ මධ්‍යම පන්තියට, නාගරික හෝ ග‍්‍රාමීය භේදයකින් තොරව, විශේෂයෙන් වැඩිහිටියන්ට ඍජුබලපෑමක් කළ හැකි ප‍්‍රමුඛ ස්ථානය බවට පන්සල, පල්ලිය පත්වෙලා තිබෙනවා. පන්සල මේ වැඬේ වඩාත්ම හොඳට කළ ස්ථානය වශයෙන් සැලකිය හැකියි’ ආචාර්ය විතානවසම් දීප ව්‍යාප්තව සිටින තම සරසවි සිසුසිසුවියන් යොදා ගනිමින් මාස කිහිපයක් පුරා කළ නිරීක්ෂණවල සාරාංශය අප හමුවේ ගොනුකළා.

වෙබ් මාෆියාවක් ද ක‍්‍රියාත්මක වුණා

‘ලංකාවේ වෙබ්වලට ගෝඞ් ෆාදර් කෙනෙක් ඉන්නවා’ මේ ප‍්‍රකාශය කළේ ජ්‍යේෂ්ඨ පුවත්පත් කතුවරයෙක්. ඔහුට අනුව මේ මොහොතෙත් ලංකාවේ ක‍්‍රියාත්මක වන (ජාතික මාධ්‍ය ආයතවලට අයත් නොවන) බොහොමයක් වෙබ්අඩවිවලට ඍජුව බලපෑමක් කළ හැකි තත්ත්වයක මේ ගෝඞ් ෆාදර්ට හැකියාව තිබෙනවා.

මේ ගැන ලියුම්කරු ආචාර්ය ලීලාන්නදගෙන් විමසුවා.

‘මෙහෙමයි අපි මේ ගැන හොයාගෙන යන කොට එහෙම චරිතයක් ගැන අපිටත් වාර්තා වුණා. ඒත් අපේ නිරීක්ෂණය වුණේ වඩාත් බලපෑම් සහගත වුණේ ෆේස්බුක් සහ යූ ටියුබ් වැනි ‘ස්වයං මාධ්‍ය’ බවයි. අපි කියන්නේ අද ‘සමාජමාධ්‍ය කියලා කියන වචනය නිවැරදි නැහැ. දැන් තියෙන්නේ ‘සෙල්ෆ් මීඩියා’ ස්මාට් ජංගම දුරකථනයක්, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණයක් තිබෙන  ඕනෑම කෙනෙකුට එක මොහොතකින් සන්නිවේදකයෙක් වෙන්න පුළුවන්. ඔහු සයිබර් අවකාශයට මුදා හරින දේ ඔහුගේ හෝ ඇයගේ මුහුණපොත හරහා මොහොතකින් සන්නිවේදනය වෙනවා. ඒ ඒ පුද්ගලයාගේ ජාලීය සම්බන්ධතා හරහා ඒක විශ්වීය සන්නිවේදනයක් දක්වා ගමන් කළ හැකියි. ලංකාවේ නම් මිලියන ගණනක් මිතුරන් සිටින ෆේස්බුක් පිටු නැහැ. ඉන්ටර්ග‍්‍රැම් නැහැ. ඒත් වෙනත් රටවල්වල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට‍්‍රම්ප් තමන්ගේ ප‍්‍රතිරූපය ඔසවා ගත්තේ සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය මගින්. මේ මොහොත වන විට සිදුවන මහා බි‍්‍රතාන්‍ය මහ මැතිවරණ ව්‍යාපාරයේදීත් වැඩියෙන්ම අවධානය යොමුවෙලා තිබෙන්නේ සමාජමාධ්‍ය වෙතයි. ඒ නිසා අන්තර්ජාල අඩවිවලට වඩා මුහුණුපොත ක‍්‍රමයෙන් ප‍්‍රබලතම සන්නිවේදන මාධ්‍ය බවට පත් වෙමින් තිබෙනවා. අද සියයට අනූවක් අන්තර්ජාල අඩවි ජනතාව අතරට යන්නේ මුහුණපොත හරහා වීම තුළින්ම ඒක පේනවා’ ආචාර්ය ලීලානන්ද විතානවසම් කිව්වා.

යළිත් ෆේක් නිවුස් වෙත

අපි මුලින් සාකච්ඡා කළ ආකාරයට සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ගාමක බලවේගය බවට සමාජ මාධ්‍ය පත් වුණත් එමගින් අපේක්ෂා කළ ආකාරයේ කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබුණු බව ඡන්ද ප‍්‍රතිඵල මගින් මනාම පැහැදිලි වෙනවා. ඒ සඳහා පේ‍්‍රමදාස මහතාට ඡන්ද ලැබුණු ප‍්‍රදේශ විශ්ලේෂණයෙන් පහසු බවක් ලැබෙනවා.

සජිත් පේ‍්‍රමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් ජාතික වශයෙන් සියයට 41.99ක ප‍්‍රතිශතයක් ලබා ගත්තත් ඒ ඡුන්ද තුළ ‘ජාතික පදමින්’ ලබා දුන් ඡන්ද හරි අඩක් පමණ තිබෙන බවයි පෙනී යන්නේ. උදාහරණයක් ලෙස ලංකාවේ ජන සංයුතිය තුළ සියයට 75කට ආසන්න (2012 ජන සංගණනය අනුව සියයට 74.9) සිංහල ජනතාවගෙන් සියයට 75කට අධික පිරිසක් ඡන්ද ප‍්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතටයි. ඒ සඳහා හොඳම උදාහරණය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ බලප‍්‍රද්ශය වන තිස්සමහාරාමයෙන්ම ලබාගත හැකියි. එහිදී සජිත් පේ‍්‍රමදාස මහතා ලබා ගත්තේ සියයට 25කටත් වඩා අඩු ඡන්ද ප‍්‍රතිශතයක්.

ඒ අනුව සමස්තයක් ලෙස ගත් විට ශ‍්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ජනගහණ ප‍්‍රතිශතය වන සියයට 25ක ප‍්‍රතිශතයෙන් (සියයට 90කට ආසන්න පිරිසක් ) අති බහුතරටක් ඡන්ද ලබා දුන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාටයි. ඒ අනුව උතුරු සහ නැගෙනහිරින් බැහැරව ව්‍යාප්තව සිටින සමස්ත සුළුජන ඡන්ද ද උතුරු – නැගෙනහිරදී සිදු වූ ආකාරයෙන් අනෙක් ප‍්‍රදේශවලදී සජිත් පේ‍්‍රමදාස මහතාට හිමි වුණා. ඒ අනුව සියයට 41.99ක් වන ඡන්ද ප‍්‍රතිශතයෙන් අවම වශයෙන් සුළුජන ඡන්ද සියයට 20ක් පමණ ඉවත් කළ විට සජිත් පේ‍්‍රමදාස මහතාට හිමි වුණේ සමස්ත සිංහල ඡන්දවලින් සියයට 20කටත් අඩු ප‍්‍රමාණයක් බව පැහැදිලියි.

ඒත් ප‍්‍රශ්නය වන්නේ සුළුජන ඡන්ද කිසිම ආකාරයක අධි ප‍්‍රචාරණයකින් තොරව සජිත් පේ‍්‍රමදාස මහතාට (උතුරේ සියයට 90ක් පමණ) හිමිවන විට අධි ප‍්‍රචාරණයක් සිදු වුණ දකුණේ සිංහල ඡන්ද ආකර්ෂණය කර ගැනීමට නොහැකි වුණේ ඇයි ද ? කියන කාරණයයි.

‘මේක අපි ගැඹුරින් සලකා බැලිය යුතුයි. පසුගිය සියලූ මැතිවරණවලදී එජාපය කොළඹ දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කළා. ඒ මැද කොළඹ ප‍්‍රධාන කොටගත් ඡන්ද කොට්ඨාශවලින් ලැබුණු සමස්ත එකතුව අනුවයි. ඒත් මෙවර ඒකත් සිදු වුණේ නැහැ. අපේ විෂයට අදාළව ගත්තොත් මැද කොළඹ ජනගහණය තුළ අති බහුතරය වෙන්නේ සුළුජාතීන් සහ ජාතිකත්වය ගැන වැඩි සංවේදීතාවක් නොදක්වන නාගරික පැල්පත් ජනතාව. ඔවුන් අතර සමාජ මාධ්‍ය භාවිතය කොළඹ දිස්ත‍්‍රික්කයේ අනෙක් ප‍්‍රදේශවලට සාපේක්ෂව අතිෂයින් දුර්වලයි. ඒත් මැද කොළඹින් එජාප දිනන කොට ඊට කිලෝ මීටර් තුන හතරක් දුරින් තියෙන මොරටුව, කෝට්ටේ, මහරගම දැවැන්ත ඡුන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්වෙනවා. ලංකාවේ වැඩිම සමාජමාධ්‍ය භාවිතයක් තියෙන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ. ඒත් එය අයිති වෙන්නේ කොළඹ නාගරිකයට නොවෙයි.

ඇත්ත තත්ත්වය තමයි ඒ. ඒ නිසයි අපි කියන්නේ පෝස්ටර් නැති, දැවැන්ත කටවුට්ස් නැති මේ මැතිවරණය කොහොමද ප‍්‍රචාරණය සිදු වුණේ. ඒක සිදු වුණේ අති සූක්ෂම ලෙස ‘මාධ්‍ය’ වෙනුවට ‘සන්නිවේදනය’ තුළිනුයි. ඒ වගේම ‘නව මාධ්‍ය’ තුළිනුයි. මේ ගැන තවත් තහවුරු කර ගැනීම් කර ගැනීමට දීප ව්‍යාප්තව අධ්‍යනයක් සිදුවිය යුතුයි. ඒත් අපි හඳුනා ගත්තේ 2015 ජනවාරි 09 වැනිදා සිට මහින්ද රාජපක්ෂ පාර්ශ්නය නොකඩවා ගෙන ගිය සන්නිවේදන ප‍්‍රවේශයන් මේ සඳහා දැවැන්ත පසුබිමක් නිර්මාණය කළ බවයි. ඒ නිසා අවසාන සති කිහිපයේ සජිත් පාර්ශ්වය ‘මැරයන් ’ විදිහට ආක‍්‍රමණය කළ ‘මුදල් ගෙවා’ සිදුකළ සමාජමාධ්‍ය ආක‍්‍රමණය හුදු රැල්ලක් බවට පත් වුණා. ඒවාට ග‍්‍රහණය වුණේ, ආකර්ෂණය වුණේ ‘කැපුවත් කොළ’ කට්ටිය මිස දිනාගත යුතු පාවෙන ඡන්ද දායකයින් නොවෙයි. සත්‍ය තත්ත්වය වටහා දී දිනාගත යුතු පොහොට්ටු පාක්ෂිකයින් නොවෙයි’ ආචාර්ය ලීලාන්නද කළ පැහැදිලි කිරීම තව දුරටත් ශක්තිමත් කළ තවත් සන්නිවේදන පර්යේෂකයෙකු වන ආචාර්ය ‘ටිකිරි බණ්ඩා වීරසිංහ’ පැහැදිලි කළා.

සජිත්ට වළ කැපුවේ කවුද ?

අද මේ ප‍්‍රශ්නය බොහෝ දෙනෙක් අහනවා. ‘තමන් අවුරුදු විස්සක් දේශපාලනය කළ, කරන්න පුළුවන් හැමදේම කළ තිස්සමහාරාමේ ගැනවත් හරිහැටි අවබෝධයක් නොතිබුණ සජිත් රටක් ගැන විශ්වාසයක් ගොඩනගා ගත්තේ කොහොමද ?’ කියලා බොහෝ දෙනෙක් ප‍්‍රශ්න කරනවා.

‘අවම වශයෙන් තමන්ගේ මැතිවරණ කොට්ඨාශයේ පුංචි නියැඳි සමීක්ෂණයක් කළා නම් අද සජිත් පේ‍්‍රමදාස මහත්තයා මේ අවුලේ වැටෙන්නේ නැහැ. නරියෙක්ටත් වඩා කපටි රනිලූයි දේශපාලනේ ගැන අධි තක්සේරුවක ඉන්න තවත් කල්ලියකුයි තමයි සජිත්ව මේ අමාරුවේ දැම්මේ. කොටින්ම සජිත්ට වළ කැපුවේ.

මේකට ඍජුව වගකිව යුතු තවත් පාර්ශ්වක් තමයි සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රචාරක ව්‍යාපාරය භාරව සිටි කණ්ඩායම්. ඔවුන්ට මාධ්‍ය ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් හිතාගෙන හිටියේ එක කතාවක් හැමදාම කිව්වාම හැම දේම ලැබෙයි කියලා. විශේෂයෙන් මේ කණ්ඩායම මධ්‍යම පාන්තිකයින්, රාජ්‍ය සේවකයින් වැඩියෙන්ම පරිශීලනය කරන පුවත්පත් ගැන කිසිම උන්නදුවක් යොමු කළේ නැහැ. ඒ වගේම මැතිවරණ ප‍්‍රවෘත්ති මාධ්‍ය වෙත නිකුත් කරන කොට, විශේෂයෙන් වෙබ්වලට දෙන කොට ගත්තේ අතිෂයින් ප‍්‍රාථමික ප‍්‍රවේශයක්.

සජිත් පේ‍්‍රමදාසගේ මාධ්‍ය කටයුතු භාරව දීර්ඝ කාලයක් කටයුතු කළ පුද්ගලයා ජනමාධ්‍ය ගැන, නව මාධ්‍ය ගැන මළපොතේ අකුරක් පවා නොදන්න ආකාරටයි කටයුතු කළේ. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහගේ අගමැති මාධ්‍ය ඒකකය. එතැන හිටිය කිසිම අයෙක්ට ජාතික මාධ්‍ය ගැන, වෙබ්ගැන කිසිම දැනුමක් හෝ සම්බන්ධතාවක් තිබුණේ නැහැ. කොටින්ම අගමැතිවරයාගේ මාධ්‍ය ප‍්‍රධානීන් පසුගිය අවුරුදු පහක කාලය තුළ ආණ්ඩුව වෙනුවෙන් කළ එක දෙයක් කියන්න පුළුවන්කමක් නැහැ. ඔවුන් ඔවුන්ගේ සංචාරක පොත් ලිව්වා හැරෙන්න කළ දෙයක් නැහැ. එජාපය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැප වුණ, ඒ වෙනුවෙන් පෙනී සිටි වෙබ් එකකට දැන්වීමක් අරන් දෙන්නවත් මේ මාධ්‍ය නඩය පියවර ගත්තේ නැහැ’

මෙහෙම කියන්නේ ප‍්‍රවීණ දේශපාලන විචාරකයෙක් වන භාතිය බරුකන්ද. ඔහු ඍජුව චෝදනා කරන්නේ පසුගිය වසර 05ක කාලය තුළ එජාප තමන්ට හිතවත් හෝ තමන් වෙනුවෙන් මාධ්‍යකරණයේ යෙදුණ කිසිම මාධ්‍යවේදියෙක් හෝ වෙබ්අඩවියක් ආරක්ෂා නොකළ බවයි.

‘මම පසුගිය අවුරුදු පහකට ආසන්න කාලය පුරාම රජයේ ප‍්‍රධාන පුවත්පතකට සතිපතා දේශපාලන විශ්ලේෂණ ලිව්වා. මැතිවරණ සමයේ දිනපතා ලිව්වා. ඒත් අරලියගහ මන්දිරේ මාධ්‍ය ලොක්කෝ අපේ නම පවා දන්නේ නැහැ’ ඇත්ත තත්ත්වේ  ඕකයි’ ඔහු තමන් වසර කිහිපයක් පුරා මුහුණ දුන් තත්ත්වය පැහැදිලි කළා.

‘සජිත්ට වළ කැපුවේ කවුරුත් නෙමෙයි ‘මඩවලින් ගොඩ යන්න පුළුවන් කියලා ගණන් බලපු අඳබාලයෝ ටික. සමාජමාධ්‍ය මැරයෝ ටික’ ඔහු අවසාන වශයෙන් කිව්වා.

සටහන – චින්තක බණ්ඩාර කරල්ලියැද්ද

Recommended For You

About the Author: Editor