සිංහල බෞද්ධ ජනතාව දිනා දෙන්න ‘චම්පික සහ මහේෂ් එජාපයට’

ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව චම්පික රණවක මහතාට සමීප ආරංචි මාර්ග පවසනවා.

චම්පික රණවක මහතා එජාපයට එක්වීම සදහා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් ඒ සදහා පක්ෂයේ අනුමැතිය හිමිව ඇති බවත් වාර්තා වෙනවා.

මේ අතර හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ.

පසුගිය ජනපතිවරණයේදී පරාජයට බලපෑ ප‍්‍රමුඛ හේතුව වන සිංහල බෞද්ධ ඡුන්ද පදනම යළි දිනා ගැනීම සදහා ජනප‍්‍රිය සිංහල බෞද්ධ නායකයින් එජාපයට එක්කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් මේ වන විට දියත් වෙමින් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ යළි එම පක්ෂය තුළ සිංහල-බෞද්ධ පදනම ශක්තිමත් කිරීමට සිදු කෙරෙන යෝජනාවලට අනුව පාඨලී චම්පික රණවක සහ හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයින් කිහිප දෙනෙකුටම එජාපයට එක්වන්නැයි මේවනවිටත් නිලනොවන මට්ටමින් ආරාධනා කර ඇතැයි එජාපයේ ජ්‍යේෂ්ඨයෙක් සමග ප‍්‍රකාශ කළා.

මීට මාස කිිහිපයකට පමණ පෙර චම්පික රණවක මහතාට මහරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරය පිරිනැමීමට එජාපය සූදානම් වුවත් රණවක මහතා එම යෝජනාව පිළිගත්තේ නැහැ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජාතික හෙළ උරුමයේ ප‍්‍රධානියෙක් කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතා සමග පුළුල් දේශපාලන ගමනක් යාමට චම්පික රණවක මහතා බලාපොරොත්තුවෙන් සිටින බවත් එය ජාතික අවශ්‍යතාවක් බවයි.

Recommended For You

About the Author: Editor