ළමුන්ගෙන් 50% කට විටමින් D ඌණතාවය

මෙරට දරුවන්ගෙන් සියයට 50ක් විටමින් D ඌණතාවයෙන් පෙළන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සදහන් කළා.

විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළේ මෙය ලෙඩ රෝග රැසකට හේතුවනු ඇති බවයි.

විටමින් D ඌණතාව මඟ හැරවීම සඳහා පෙරවරු 10 ත් පස්වරු 2 ත් අතර විනාඩි කිහිපයක් හිරු එළියට නිරාවරණය වීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවා.

Recommended For You

About the Author: Editor