CID 704 කට විදේශගත වීම තහනම් කරමින් ලැයිස්තුවක් නිකුත් වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25) දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය දරු පවුල ද සමඟින් ඊයේ (24) දින දහවල් 12.50 ට ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසුවයි මෙම නියෝගය පනවා තිබෙන්නේ.

මෙම නිවේදනය අද දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබි තිබූ අතර, මේ වනවිට එම නාම ලේඛන පරිගණකගත කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

Recommended For You

About the Author: Editor