T10 කිරුළ ‘මරාටා’ කණ්ඩායමට

අබුඩාබිහි පැවැති T10 ලීග ක්‍රිකට් තරගාවලියේ ජය මරාටා ඇරබියන්ස් කණ්ඩායම විසින් දිනාගත්තා. අවසන් මහා තරගය පැවැත් වුණේ ‘මරාටා ඇරබියන්ස් කණ්ඩායම සහ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

මුලින්ම පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දී කඩුළු 8ට ලකුණු 87ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ මරාටා ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 7.2කදී කඩුළු දෙකක් පමණක් දැවී ජයග‍්‍රහණය අත්පත්කර ගත්තා.

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ පන්දු 12කදී හයේ පහර දෙකක් හා හතරේ පහරක් සමගින් ලකුණු 23ක් රැස්කිරීමට සමත් වුණා.

මරාටා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ලකුණු 18කට කඩුල්ලක් ද කසුන් රාජිත ලකුණු 15කට කඩුල්ලක් ද දවා ගත්තා. දසුන් ශානක එක් පන්දුවාරයක් යොමුකළත් ඔහුට කඩුලු දවා හැකි වුණේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මරාටා ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු චඩ්වික් වෝල්ටන් පන්දු 26කදී ලකුණු 51ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය මරාටා කණ්ඩායම වෙත හිමිකර දුන්නා.

Recommended For You

About the Author: Editor