‘අත – පොහොට්ටු එකඟතා ගිවිසුම අනුව’ මහ මැතිවරණයට පොදු ලකුණින් තරග කළ යුතුයි – සරත් ඒකනායක

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අත්සන් කළ එකඟතා ගිවිසුම ප‍්‍රකාරව ඉදිරි මහ මැතිවරණයට තරඟ කළ යුතු බව මධ්‍යම පළාත් හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා පවසනවා.

ඊයේ (25) මහනුවරදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කළ සරත් ඒකනායක මහතා කියා සිටියේ පොදු ලකුණක් යටතේ මහ මැතිවරණයට එක්ව තරඟ කිරීමට රාජපක්ෂ මහතා එකඟ වූ බවයි.

හිටපු මහ ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී රෝහිත අබේගුණවර්ධන මහතා පළ කළ අදහසකට ප‍්‍රතිචාර ලෙසයි.

පසුගිය දා පැවැති මාධ්‍ය හමුවේ දී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ ජනතාවගේ හදවත තුළ රැඳී ඇති ‘පොහොට්ටු ලකුණින්’ මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව තමන්ගේ පුද්ගලික මතය බවයි.

‘මගේ කැමැත්ත තියෙන්නේ, සන්ධානගතව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් පැහැදිලි බහුතරයක් අපි ලබා ගන්නවා. ජනතාවගේ හදවතේ තියෙන සන්නාමය නෙලූම් පොහොට්ටුවයි. පොහොට්ටුව ලකුණ මිනිස්සුන්ගේ ඔලූවෙන් ගලවන්න බැහැ. මගේ පුද්ගලික මතය පොහොට්ටුව යටතේ තරග කළ යුතු බවයි’ රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළා.

Recommended For You

About the Author: Editor