ඩෙංගු රෝගීන් 73,000ක්: දිස්ත‍්‍රික්ක 06ක ඩෙංගු අවධානම ඉහළට

පසුගිය මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 73,000ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා පවසනවා.

ඒ අනුව ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් හෙට (27) සිට දින 06 ක් පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ජයසේකර මහතා කියා සිටියේ.

කොළඹ, ගම්පහ, යාපනය, මාතලේ, අම්පාරල මඩකලපුව යන දිස්ත්‍රික්කවල මෙම ඩෙංගු මර්දන වැඩසටහන පවත්වනු ලබන අතර එමගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශ 44ක වපසරියක් ආවරණය වෙනවා.

විශේෂයෙන් ඉදිරි ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය වැඩිවිය හැකි උතුරු – නැගෙනහිරි ප්‍රදේශවලට ද මේ තුළින් වැඩි අවදානයක් යොමු කරනු ලබන බවයි අරුණ ජයසේකර මහතා පැවසුවේ.

Recommended For You

About the Author: Editor