PRONTO ලංකා 40 වැනි ශාඛාව කඩු­වෙ­ලට

මෙරට විශාලතම දේශීය කුරියර් සේවාව වන ප්රොනන්ටෝ ලංකා සමාගමේ 40 වැනි ශාඛාව පසුගියදා කඩුවෙලදී විවෘත කෙරිණි.

මෙම නව ශාඛාව විවෘත කිරීම එම සමාගමේ සාමාන්‍යාධිකාරී නලින් මුණසිංහ, මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජීව වර්ණකුලසූරිය, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු රොෂාන් පෙරේරා, මෙහෙයුම් කළමනාකරු රොෂාන් පීරිස්, මානව සම්පත් කළමනාකාර පියල් පුෂ්පකුමාර යන මහත්වරුන් සහ ප්‍රොන්ටෝ ලංකා සමාගමේ කලාපීය කළමනාකරුවන්/විධායක නිලධාරීන්, සමූහයේ අනෙකුත් ව්‍යාපාර අංශවල ප්‍රධානීන් සහ ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පැවත්විණි.

කඩුවෙල ශාඛාව විවෘත කිරීමත් සමඟ ප්රොමන්ටෝ ලංකා සමාගමේ ශාඛා ජාලය තවදුරටත් සවිමත් වන අතර ඒ හරහා පුඵල් වෙළඳපොලකට සිය සේවා සැපයීමට සමාගමට හැකි වනු ඇත.

කඩුවෙල ශාඛාව විවෘත කිරීමේ ප්‍රතිලාභ දැනට සිටින ගනුදෙනුකරුවන්ට අමතරව කඩුවෙල, තලවතුගොඩ, මාලඹේ, අතුරුගිරිය, බියගම, රණාල, මල්වාන සහ කර්මාන්ත කලාපවල සිටින නව ගනුදෙනුකරුවන්ටද හිමි වනු ඇති බවට සමාගම අපේක්ෂා කරයි.

Recommended For You

About the Author: Editor