ආණ්ඩුවේ ‘බදු සහන පැකේජය’ මෙන්න

දැනට පවතින බදු ක්‍රමයේ පවතින දුර්වලතාවන් සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග රැසක් ඉවත් කිරීමට සහ තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමටත් තීරණය කර තිබෙන බව සම කැබිනට් ප‍්‍රකාශ බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

ඒ අනුව වැට් බදු අනුපාතය 15% සිට 8% දක්වා 7%කින් කපා හරින බවත් ජාතිය ගොඩ නැගීමේ බද්දද කපා හරින බවත් ඒ අනුව සමස්තයක් ලෙස 17%ක සිට 8%ක් දක්වා 9%කින් බඳු කපා හැරීමක් සිදුකර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙය දෙසැම්බර් 01 දා සිට ක්‍රියාත්මක බවත් වැට් බදු ගෙවීමේ බැඳියාව පිරිවැටුම රුපියල් මිලියනක සිට රුපියල් මිලියන 25ක් දක්වා වැඩි කළ බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පහත සඳහන් බදු වර්ග සියල්ල ඉවත් කර තිබෙන බවයි සම කැබිනට් ප‍්‍රකාශකවරයා සදහන් කළේ.

ගෘහස්ත නිශ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි 

ආර්ථික සේවා ගාස්තු අහෝසියි

බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි

කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි

උපයන විට ගෙවන බදු අහෝසියි

පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි

ණ්‍ය සේවා බදු අහෝසියි

ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි

ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි

ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි

විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි

විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුකරනවා 

වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්

Recommended For You

About the Author: Editor