එජාප මැතිවරණ සමාලෝචනය: සජිත්ට පක්ෂ / විපක්ෂ නායකකම් දෙකම ලැබිය යුතුයි – හර්ෂණ

පක්ෂ නායකත්වය සහ විපක්ෂනායකත්වය ඇතුළු තනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා නෑ – අකිල

ඉදිරි සතිය තුළ එජාපයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙනු ඇති බවත් ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතාට පක්ෂ නායකත්වය සහ විපක්ෂනායක ධුරය ලැබිය යුතුයි යන ස්ථාවරයේ තමන් ඇතුළු පිරිසක් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවා.

පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සහ ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සමාලෝචනයක් සහ සාකච්ඡා මාලාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති (27) අතර මෙම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂණ රාජකරුණා මහතා මේ බව ප‍්‍රකාශ කළා.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායන නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ, සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කැඳවමින් ඉදිරියේදි දිගින් දිගටම මෙම සමාලෝචන කටයුතු සිදුකරන බවයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී සිදුවූ පසුබෑම සහ ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කරවිම සම්බන්ධයෙන් යාන්ත‍්‍රණයක් සකස් කිරීම පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමුවූ බවත් එජාප මහ ලේකම්වරයා සඳහන් කළා. පක්ෂ නායකත්වය සහ විපක්ෂනායකත්වය ඇතුළු තනතුරු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා නොවු බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවැසුවා.

පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (28) පෙරවරුවේ තවත් හමුවක් කැඳවා ඇතැයිද ඔහු සඳහන් කළා.

Recommended For You

About the Author: Editor