ජනපති ඉන්දීය නිල සංචාරය අරඹයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය සඳහා අද (28) පස්වරු 02.05ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 195 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

ජනපතිවරයා සමග දූත පිරිස ලෙස 10 දෙනෙකු එක් වී සිටිනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයක් අනුව සිදුවන මෙම ඉන්දීය සංචාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රථම නිල විදේශ සංචාරයයි.

ජනපතිවරයා මෙම චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා හමුවන අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතයි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක් සිටින බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor