වහාම ‘කටුපොල් වගාව’ නතර කිරීමට කැබිනට් තීරණයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව තමාට දැනුම් දී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා අද (28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් පරිසර කමිටුවේදී සදහන් කළා.

කටුපොල් වගාව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බැවින් මින් ඉදිරියට දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධාවක් නොමැති බව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට දන්වා සිටියා.

විදානපතිරණ මහතා කියා සිටියේ මේ සම්බන්දව ක්‍රියාත්මක වීම සඳහා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාළ නිලධාරීන් වෙත මෙම තීරණය දැනුම් දෙන බවයි.

Recommended For You

About the Author: Editor