GMOA මාධ්‍ය මෙහෙයුම අතේ පත්තු වෙයි: පාදෙණියට සෞඛ්‍ය ලේකම්කම නෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය හිමිවන බවට පුවතක් පසුගිය දින කිිහිපය පුරා ජනමාධ්‍ය මගින්, විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් උපුටා දක්වමින් දියත් වූ එම ‘මාධ්‍ය මෙහෙයුමට’ අප ද ඇතුළුව බොහෝ වෙබ් මාධ්‍ය සහ ජාතික මාධ්‍ය හසු වුණා.

කොහොම වුණත් ඊයේ අමාත්‍යාංශ ලේකම් ධුර නම් කිරීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ නම තිබුණේ නැහැ. ඒ වෙනුවට සෞඛ්‍ය ලේකම් තනතුර සඳහා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත්කර තිබුණා.

මේ සිදුවීම පිළිබද අප කළ සොයා බැලීමකදී තහවුරු වුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම් සහගත ලෙස ජනපතිවරයාට බලපෑම් කිරීම සදහා මෙවැනි ව්‍යාජ පුවතක් නිර්මාණය කර ඇති බවයි. පසුගිය කාලය පුරාම මෙම සංගමය මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් සමාජ අවධානය දිනා ගත්තා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උපුටා දක්වමින් පසුගිය දිනවල අප විසින් ද සිදුකළ වාර්තාකරණය ගැන අපි අපේ පාඨකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

Recommended For You

About the Author: Editor