ඉන්දීය රජයෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක සහන ණයක්

නව ජනපතිගේ ”සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය ලබාදෙන බව අගමැති මෝදි පවසයි.

සාර්ථක දැක්මක් සහිත ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා පවසයි.

ඒ අනුව සහන ණය ප‍්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ‍්‍රී ලංකාවට පිරිනැමීමට කි‍්‍රයාකරන බව ඉන්දීය නායකයා පැවසීය.

තවද ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කීය.
අද (29) දහවල් හයිදරබාද් මන්දිරයේ දී පැවති දෙරටේ රාජ්‍ය නායකයන් අතර හමුවේ දී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය. තම ආරාධනය පිළිගෙන සිය ප‍්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාවට පැමිණීම අසල්වාසි රාජ්‍ය ලෙස තම රටට දැක්වූ ගෞරවයක් ලෙස සලකන බව පැවසූ මෝදි මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබාගත් විජයග‍්‍රහණය පිළිබදව සිය සතුට පළ කරමින් සමස්ත ඉන්දීය ජනතාවගේම සුභාශීංසන ජනාධිපතිවරයා වෙත පිරිනමන බව ද සදහන් කළේය. දෙරට අතර දිගුකාලීන මිත‍්‍රත්වය ආර්ථික, දේශපාලන හා සමාජයීය වශයෙන් ඉදිරියට රැගෙන යාමට දෙරටේ නායකයෝ එකග වූහ.

දෙරටේ ආරක්ෂාව ප‍්‍රමුඛතාව ලෙස සලකා කි‍්‍රයාකිරීමට රාජ්‍ය නායකයන් දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළහ.

දෙරට අතර සමීප ආර්ථික සහයෝගිතාවයකින් කි‍්‍රයාකිරිම පිළිබ`දව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය. ද්විපාර්ශ්වික වෙළෙදාම වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ.

දිගුකාලීන ගැටලූවක්ව පැවති ඉන්දු -ශ‍්‍රී ලංකා ධීවර ක්ෂේත‍්‍රය ආශි‍්‍රත ගැටලූ පිළිබ`දව ද මෙහිදී සාකච්ඡුා කෙරිණ.

ශ‍්‍රී ලංකාවේ සංහිදියා කි‍්‍රයාමාර්ගය අඛණ්ඩව ගෙන යනු ඇතැයි විශ්වාසය පළ කළ මෝදි මැතිතුමා උතුරු නැගෙනහිර ඇතුථ සියලූ පළාත්වල සංවර්ධනය පිළිබද අවධානය යොමු කළේය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමාට ඉන්දියාවේ රාජ්‍ය චාරිකාවකට ආරාධනය කිරීම පිළිබදව සිය ස්තූතිය පළ කළ අතර, ඉන්දීය අග‍්‍රමාත්‍යවරයාට ද ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ඇරයුම් කළේය.

ඉන්දියාව සමග සමීප ආර්ථික සහයෝගිතාවයකින් කි‍්‍රයාකරන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමග පැවසිය.
සාකච්ඡුාවලින් අනතුරුව නායකයන් දෙපළ මාධ්‍ය වෙත සිය අදහස් පළ කළහ.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා පිළිගැන්වූ දිවා භෝජන සංග‍්‍රහයට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හයිදරබාද් මන්දිරයේ තබා ඇති විශේෂ ආරාධිත අමුත්තන්ගේ ග‍්‍රන්ථයේ සමරු සටහනක් ද තැබීය.

Recommended For You

About the Author: Editor