එජාප මන්ත‍්‍රීවරු 57ක් එක හඬින් සජිත්ව ඉල්ලුවත් ‘සජිත් නිහඬයි’ – විජේපාල හෙට්ටිආරච්චි

‘විපක්‍ෂනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රීවරුන් 57 දෙනෙකු කතානායකවරයාට ලිපියක් බාර දී ඇතත් සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයි’ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් හෙට්ටිආරච්චි මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරචචි මන්ත‍්‍රීවරයා,

‘මේ සම්බන්ධයෙන් නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක යන මන්ත‍්‍රීවරුන් හා තලතා අතුකෝරළ මන්ත‍්‍රීවරිය ද රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළා. විපක්‍ෂනායකධූරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විසඳනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමකට පැමිණෙනු අපි බලාපොරොත්තු වෙනවා.

සාකච්ඡාමය විසඳුමක් සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද සූදානමින් සිටින බවයි අපිට දැන ගන්න තිබෙන්නේ. ඒ අනුව අපේ පාක්‍ෂිකයින්ට සතුටු විය හැකි යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඒ වගේම කියන්න ඔ්නෑ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පැමිණ එජාපය හා සිටින ඇතැමුන් ද මේ දිනවල පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂනායකත්වය ගැන අදහස් දක්වනවා. නමුත් ඔවුන්ට ඒ සඳහා කිසිඳු අයිතියක් නැති බව අපි අවධාරණය කළ යුතුයි’

Recommended For You

About the Author: Editor