කටුනායක ගුවන්තොටේ ඉදිකිරීම් ප‍්‍රමාද කළ ‘එජාප හිටපු ඇමැතිගේ සමාගම’ Black List කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 3 වන අදියරේ ඉදිකිරීම් ප‍්‍රමාද කළ හිටපු එජාප ඇමතිවරයෙකුට අයත් ඉදිකිරීම් සමාගමක් වහාම අසාදු ලේඛණ ගත කර Black List ඉදිකිරීම් වෙනත් සමාගමකට පැවරීමට කාර්මික ආපනයන ආයෝජන ප‍්‍රවර්ධන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බලධාරීන්ට නියෝග කළේය.

කටුනායක ගුවන්තොටුපළ පැවති නිරීක්ෂණ චාරිකාව අතරතුර ඇමතිවරයා මෙම නියෝගය කළේය. මෙම නව ඉදිකිරීම සදහා වෙන් කළ මුදල රුපියල් මිලියන 374 කි. මාස 09 කින් ඉදිකිරීම් නිම කිරීමට කොන්ත‍්‍රාත්තුව ලබා ගත් ඉදිකිරීමේ සමාගම එකග වී තිබුණි 2017 ජනවාරි 24 වන දින අදාළ කොන්ත‍්‍රාත්තුව ලබා දුන් අතර මේ වනවිටත් අවසන්ව ඇත්තේ ඉදිකිරීම්වලින් 45%ක් පමණී.

මෙම ඉදිකීරීම් කඩිනම් කරන ලෙස අදාළ ඉදිකිරීම් සමාගමට අවස්ථා ගනණාවක දී උපදෙස් දී ඇතත් ඒ පිළිබද ඔහුට කිසිදු සැලකිල්ලක් නොදක්වන බව ගුවන්තොටුපළ බලධාරීහු මෙහිදි පෙන්වා දුන්හ.

විදුලි සෝපාන නියමිත ප‍්‍රමිතියට නොතිබීම නව විදුලි සෝපාන සදහා ණයවර ලිපි ඉදිරිපත් නොකිරීම හා අදාළ ඉලක්ක සපුරාලීම සදහා ප‍්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් බදවා නොගැනීම යන කරුණු මත රුපියල් මිලියන 37ක එම සමාගමෙන් අය සමාගම ගැනීමට පියවර ගෙන තිබේ.

මෙම ඉදිකිරීමේ සමාගම අසාදු ලේඛණයට ඇතුළත් කර ඉදිකිරීම් වලින් වහා ඉවත් කරන ලෙස මෙහිදි උපදෙස් දුන් ඇමතිවරයා නව ඉදිකිරීම් සමාගමක් මගින් මෙහි ඉතිරි ඉදිකිරීම් ජනවාරි මාසයට පෙර අවසන් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

Recommended For You

About the Author: Editor