මහින්ද දේශප‍්‍රිය ‘ඉල්ලා අස්වීමේ ලිපිය’ ජනපතිට භාර දෙයි

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම්දෙනු ලැබ ඇති බව, කතානාටක මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කළේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න තම අදහස බවයි.

විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නා‍යකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය අගය කළ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරිම සඳහාත්ල ඉදිරියේදී එළඹන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බවයි

Recommended For You

About the Author: Editor