GR India Visit: ඉන්දු – ශ‍්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන එනවා – ජනපති ගෝඨාභය රාජපක්ෂ

තම ධූර කාලයේ දී ඉන්දු – ශ‍්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැුගෙන ඒමට කි‍්‍රයාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අතර නිල හමුව අද (29) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සිය ප‍්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාව වෙත ගිය ජනාධිපතිවරයා චාරිත‍්‍රානුකූලව පිළිගැනීම රාෂ්ට‍්‍රපති භවන් හි දී මහත් හරසරින් සිදු කෙරිණි.

එහිදී ඉන්දීය රජය එරටට පැමිණෙන රාජ්‍ය නායකයෙකු වෙත පිරිනමන හමුදා උත්තමාචාර පිරිනමමින් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපතිවරු දෙපළ අතර හමුව සිදු විය.

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුභාශිංසන පළ කළ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා මෙම හමුව දෙරට අතර මිත‍්‍රත්වය වර්ධනය කරන සුවිශේෂ අවස්ථාවක් බව සඳහන් කළේය.

නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ප‍්‍රසාදය පළ කළ ඉන්දීය ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තම රජයේ පූර්ණ සහය ලබා දෙන බව ද පැවසීය.

මෙම හමුවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර්, ඉන්දීය රාජ්‍ය ප‍්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං යන මහත්වරුන් සහ ශ‍්‍රී ලංකා ¥ත පිරිස සහභාගී වුහ.

ඉන් අනතුරුව රාජ් ගාත් වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුව වෙත ගොස් උපහාර දැක්විය.

විශේෂ ආරාධිත අමුත්තන් සදහා වු සැමරුම් පොතේ අත්සන් තැබීම ද මෙහිදී සිදු කෙරිණ

Recommended For You

About the Author: Editor