කොළඹ මහ නගර සභාව විසුරුවන්නේ නෑ – පුරපති රෝසි

කොළඹ මහ නගර සභාව විසුරුවා හැර එය විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ තැබීමට කිසිදු සැලසුමක් නැතැයි කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය නාගරික මන්ත‍්‍රීවරුන්ට සහතික වී ඇත.

කොළඹ මහ නගර සභාව විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීමට නියමිත බවට නාගරික මන්ත‍්‍රීවරුන් අතර පැවැති ‘ප‍්‍රවාදයකට’ පිළිතුරු දෙමින් සේනානායක මහත්මිය මේ බව පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අතර ඉතිරි වසර දෙකහමාර තුළ මහ නගර සභාවට ක්‍රියාත්මක වීමට අවසර දෙන බව පවසා තිබෙන බව ද සේනානායක මහත්මිය පැවසුවා.

කොළඹ නගරය අලංකාර කිරීම සඳහා රජය ගෙන ඇති නව පියවර අගය කරන බවත් මේ සඳහා පරිසර පොලිසිය දක්වන සහයෝගය ඉතා වැදගත් බව ඇය පැවසුවා.

මේ අතර ජේවීපී නාගරික මන්ත‍්‍රී ආචාර්ය රනිල් ජයසේන පෞද්ගලික හේතු දක්වමින් සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වුණා. පුරප්පාඩුව පිරවීම සඳහා වෙල්ලවත්ත නියෝජනය කරන 50 හැවිරිදි එච්ගඩීග රොහාන් සමන්ත වීරසිංහ (50* නම් කර ඇති බව ජේවීපී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවා.

Recommended For You

About the Author: Editor