තිලංගගෙන් හිස් වූ ක‍්‍රිකට් පරිපාලන පුටුවට එන්න ‘ජයන්ත ධර්මදාස’ කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වෙයි

තිලංග සුමතිපාල මහතා ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වූ ක්‍රිකට් පරිපාලනයට එක්වීමට ව්‍යාපාරික ජයන්ත ධර්මදාස මහතා කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව Sri Lanka Cricket’s (SLC) Executive Committee විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජාතික ක්‍රීඩා අංශයේ ඔට්ටු ඇල්ලීම හා සූදු ක්‍ෂේත්‍රයේ සම්බන්ධතා ඇති පුද්ගලයින්ට නව නීති පැනවීමත් සමඟ සුමතිපාලගේ ඉවත්වීම නිසා ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහායි ජයන්ත ධර්මදාස මහතා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණේ.

පසුගිය සිකුරාදා පැවති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ National Sports Associations (NSAs) ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ ‘ඔහු ආසන්නතම හිටපු සභාපතිවරයා ලෙස සුදුසුකම් නොලබන හෙයින් ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට අපි ඒකමතිකව තීරණය කර තිබෙනවා’ යනුවෙනුයි.

ධර්මදාස 2013 සිට 2015 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ නමුත් එවකට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසනායක විසින් 2015 දී ලෝක කුසලාන බලාපොරොත්තු සුන් කර ගැනීමෙන් පසුව ඔහු සේවයෙන් නෙරපා හැරියා. පසුව ඔහු 2016 ක්‍රිකට් මැතිවරණයේදී අර්ජුන රණතුංග සහ ඔහුගේ සහෝදර නිශාන්තගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සාර්ථකව පරාජය කිරීම සඳහා සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ සුමතිපාල සමඟ අත්වැල් බැඳගත්තා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍යාංශ ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේ ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ධර්මාදාස මහතා පසුගිය සභාපති ධුරය සඳහා පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ජයන්ත ධර්මදාස මහතාගේ ඉල්ලීම පිළිබදව ඒකමතික තීරණයකට එළඹීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති උපදෙස් ලබා ගත් බව ද වාර්තාවේ.

Recommended For You

About the Author: Editor