තෙල් මිල විජ්ජා තව දුරටත් නෑ – අගමැති මහින්ද රාජපක්ෂ

පසුගිය ආණ්ඩුව කාලයේ ක්‍රියාත්මක කළ තෙල් මිල සූත්‍රය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

ජලසම්පාදන හා ජලාපවාහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා සුබ මොහොතින් නව ඇමැති ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට සහභාගි වූ අගමැතිවරයාගෙන් ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

යහපාලන ආණ්ඩුව කළා මෙන් රුපියලෙන් රුපියලට තෙල් මිල වැඩි කිරීමට කිසිදු බලාපොරොත්තුවක් වත්මන් රජයට නොමැති බවත් තෙල් මිලෙහි විජ්ජාවක් නොමැති බවත් අගමැතිවරයා පැවැසුවා.

මහජනතාවගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන තෙල් මිල පිළිබඳ තීරණ ගන්නා බවයි අගමැතිවරයා පවසා සිටියේ.

Recommended For You

About the Author: Editor