මහාචාර්ය විනී විතාරණ අභාවප‍්‍රාප්ත වෙයි

සේවාර්ජිත මහාචාර්ය විනී විතාරණ මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වුණා. 1928 ජූනි 02 දා තංගල්ලේදී උපත ලැබූ විනී විතාරණය මහතා මිය යන විට 91 වැනි වියේ පසු වුණා.

කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලැබූ විතාරණ මහතා ලන්ඩන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් සිය ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලැබුවා.

සිංහල, ඉංග්‍රීසි, ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව සහ මානව විද්‍යාව වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබ‍ඳ ප්‍රාමිණික උගතකු වන විනී විතාරණ මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ප්‍රථම අංශ ප්‍රධාන මහාචාර්යවරයා ද වුණා. විනී විතාරණ මහතා විසින් ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන ලද මුවදෙව්දාවත, සසදාවත සහ මයුර සංදේශය ජාත්‍යන්තර ඇගයීමට ලක් වුණා.

විනී විතාරණ මහතාගේ දේහය හෙට (03) උදෑසන සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන බදාදා :04* සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Recommended For You

About the Author: Editor