13 වැනි සාෆ් ක‍්‍රීඩා උළෙල: කාන්තා T20 – ලකුණු ‘0’ට කඩුළු 06යි

නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී අද (02) කාන්තා ක්‍රිකට් ලෝක වාර්තාවක් බිහි වුණා. නව ලෝක වාර්තාව බිහි කළේ නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අන්ජලී චන්ද් ක්‍රීඩිකාවයි.

ඒ මාලදිවයින සහ නේපාලය අතර පැවැති කාන්තා T20 තරගයේදීයි. එහිදී ඇය ලකුණු බින්දුවකට කඩුළු 6ක් දවා ගත්තා. එය සටහන් වූයේ කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ වාර්තා වු හොදම පන්දුයැවීම ලෙසයි.

මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මාලදිවයින් කණ්ඩායම පන්දුවාර 10යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැුස් කළේ ලකුණු 16ක් පමණයි. එම ඉලක්කය පන්දු 5කදී කිසිවෙකු නොදැවී පසුකර යාමට නේපාල ක්‍රීඩිකාවන් සමත් වුණා.

මාලදිවයින් ක්‍රීඩිකාවන් රැස් කළ ලකුණු 16 ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ කාන්තා පන්දුවාර විස්ස පිටියේ වාර්තා වු 6 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

Recommended For You

About the Author: Editor