මහ මැතිවරණයට පොහොට්ටු නෑ, අපි එන්නේ ‘පුටුව ලකුණින්’ – ගම්මන්පිල

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දක්වන සෙසු පක්ෂ ඉදිරි මහමැතිවරණය එක් පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ගිවිසුම් ගත වු බවත් එහි එක් කොන්දේසියක් ලෙස පුටුව ලකුණින් තරග කිරිම ඇතුළත්ව තිබු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා සදහන් කළා.

ගම්මන්පිල මහතා මේ බව සදහන් කළේ අද (3) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීයි.

ඉදිරි මහමැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණකින්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා මේ කරුණ හෙළි කළා.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මන්ත‍්‍රීවරයා,

‘ඉදිරි මහ මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් මිස පොහොට්ටුව ලකුණින් නෙමෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණයට තරග කරන්නේද පොහොට්ටුව ලකුණෙන් යැයි පවසන්නේ මේ ගිවිසුම ගැන හරි අවබෝධයක් නැති හා වෙනත් පුද්ගලික ආසාවන් ඇති අයයි.

මේ විදිහට විවිධ ප‍්‍රකාශ නිකුත් වීම වළක්වා ගැනීම සඳහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විසින් ගිවිසුමේ එකඟතා පිළිබඳව තමන්ගේ සියලූ පාක්ෂිකයන් දැනුවත් කළ යුතු’ යැයි ද පිවිතුරු හෙළ උරුමයේ නායකයා සදහන් කළේය.

Recommended For You

About the Author: Editor