මාතලේ UNP නගරාධිපතිට ‘නව රජයේ වැඩ’ හිතට අල්ලලා

‘සාර්ථක දැක්මක් – වැඩකරන රටක්’ යන තේමාව අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිම සදහා තම සහාය උපරිම වශයෙන් ලබා දෙන බව මාතලේ මහනගරධිපති (UNP) ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසනවා.

මාතලේ නගරාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහ නගර සභාවේ නගරාධිපති නිල කාමරයේ අද (03) දා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා,

‘බහුතර ජනතාවගේ කැමැත්ත අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වුණාග වසර 30ක් තිස්සේ මේ රට වෙලාගෙන තිබුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරිමට යුධ හමුදාව ප්‍රමුඛ ඒ සියලු දෙනාට නායකත්වය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කළා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒ දේවල් සිදු කළා. වර්තමානයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා රජයක් ලෙස ගෙන යන වැඩපිළෙවලට අපේ උපරිම සහාය ලබා දෙනවා’

ජනාධිපතිවරණයෙන් පසු මාතලේ නගරය තුළ යම් භිෂණකාරි තත්ත්වයක් ඇති වී තිබෙන බවද මේ පිටුපස යම් දේශපාලන හස්තයක් ඇති බවට තමා විශ්වාස කරන බවද මෙහිදී නගරාධිපතිවරයා පැවසුවා.

Recommended For You

About the Author: Editor