හරීන් එජාප නායක රනිල්ට ‘අනතුරු අගවයි’

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරත් හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළා.

හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මේ බව අවධාරණය කළේ අද (3) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ හරීන් ප‍්‍රනාන්දු මහතා, ‘එක්සත් ජාතික පක්ෂ නායකත්වයත්, විපක්ෂ නායකත්වයත් සජිත්ට දිය යුතුයි. ඒ වගේම අපි පැහැදිලිව කියනවා අපිව කොන්කරන්න හැදුවත් එක්සත් ජාතික පක්සයේ කල්ලි දෙකක් නෑ. රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වය අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නෑ. විකල්පයට අපිව තල්ලු කරන තරමට වැඩ කරන්න එපා’

Recommended For You

About the Author: Editor