ෆවුසි පන්නා පාර්ලිමේන්තුවට එන මෛත‍්‍රීගේ සැලසුම ‘ලත්තැනම ලොප්වන’ හැඩ

හිටපු ජනපති මෙත‍්‍රීපාල සිරිසේන මහතාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව දී ඉල්ලා අස්වන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළේ නම් මන්ත‍්‍රීධූරය අත්හැරයාමට තමන් දෙවරක් නොසිතන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රී AHM ෆවුසි මහතා පවසනවා.

ෆවුසි මහතා කියා සිටියේ වසර 44ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයකු ලෙස මෙන්ම දිගු කලක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් ලෙසත් කටයුතු කළ තමාව අනීතික ලෙස පක්ෂයෙන් නෙරපා හැරීම කනගාටුවට කරුණක් බවයි.

ඒගඑච්ගඑම් ෆවුසි මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නෙරපා හැරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් අප කළ කරුණු විමසීමකදී මන්ත‍්‍රීවරයා මේ බව පවසා සිටියා.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ෆවුසි මහතා,

‘මම වසර 44ක් පුරාම අඛණ්ඩව පක්‍ෂ සාමාජික ගාස්තු ගෙවා තිබෙනවා. ඒ වගේම තමයි මාව මන්ත‍්‍රීධූරයෙන් ඉවත්කිරීමට පක්‍ෂය උත්සාහ කරන්නේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට යාම සදහා නම් ඒ වෙනුවෙන් මගෙන් ඉල්ලීමක් කරන්නට තිබුණා. ඒත් එවැනි ඉල්ලීමක් සිදු වුණේ නැහැ. මම නැවත කියන්නේ අසාධාරණ ලෙස පක්‍ෂයෙන් ඉවත් නොකර එවැනි ඉල්ලීමක් කළේ නම් මන්ත‍්‍රීධූරය අත්හැරයාමට මම දෙවරක් සිතන්නේ නැහැ. ඒ නිසා මෙම අසාධාරණ තීරණයට එරෙහිව මම අධිකරණයට යනවා’

Recommended For You

About the Author: Editor