‘ඉන්දියාවේ හිටපු මුදල් ඇමති’ දින 106කට පසු ඇපමත නිදහස්

දුෂණ චෝදනාවලට සැකපිට අත්අඩංගුවට පත් ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පලනිඅප්පන් චිදම්බරම් දින 106 කට පසු ඇපමත නිදහස් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය කියනවා.

කොන්දේසි කිහිපයක් මත ඔහු මුදාහැරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබෙනවා. 2007 වසරේ ඉන්දිය මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී ලැබුණු විදේශ ආයෝජන කිහිපයකදී වංචා සිදුවූ බවටයි ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබෙන්නේ.

ඉන්දියාවේ ස්වදේශ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ චිදම්බරන් මහතාගේ වයස අවුරුදු 73ක්.

Recommended For You

About the Author: Editor