‘කිරිපිටි හැන්දේ සිට සියඹලා කරල’දක්වා ආනයනයට රු.මිලියන 289,532ක්

සියඹලා සහ කොමඩුත් ආනයනය කරලා
රට වටේ මුහුද තිබුණත් කරවල ආනයනයට රු. මිලියන 15000ක්
බිබිලේ දොඩං කුණුවෙද්දී දොඩං ආනයනයට රු. මිලියන 942ක්
වී විකුණගන්න බැරි රටේ හාල් ආනයනයට රු. මිලියන 17,359ක්

ශ‍්‍රී ලංකාව පසුගිය 2018 වසරේදී කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය සදහා වන ආනයනයන් සදහා පමණක් රුපියල් මිලියන 289,532ක් වැනි අති විශාල විදේශ විනියමය ප‍්‍රමාණයක් ‘නිකරුණේ’ වැය කර ඇති බවත් මෙසේ ‘අනවශ්‍ය’ ලෙස ආනයනය කළ අති බහුතරයක් කෘෂිකාර්මික භාණ්ඩ පහසුවෙන් මෙරට නිෂ්පාදනය කරගත හැකි බවත් ආර්ථික හා කෘෂි විද්‍යාඥයෝ පවසති.

2018 වසරේදී කිරිපිටි ආනයනය වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 54,012ක් වැයකර ඇති බව පෙන්වා දෙන ආර්ථික විද්‍යාඥයෝ සීනි ආනයනය සදහා ද රුපියල් මිලියන 40,309ක් වැයකර ඇති බව පෙන්වා දෙති. ලෝකයේ හොදම ‘පිසුම් තෙල් වර්ගය’ වශයෙන් සැලකෙන පොල් තෙල් ඇති ලංකාව පසුගිය 2018 වසරේ පමණක් ෆාම් තෙල් ආනයනය සදහා රුපියල් මිලියන 23,763ක් වැයකර ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. දේශීය වශයෙන් වඩා හොදින් වගා කළ හැකි කුරක්කන් හා කවුපි සදහා පිළිවෙළින් රුපියල් මිලියන 130ක් හා 1007ක් වැයකර ඇති බවත් මේවා සියයට සියයක් දේශීය නිපදවා ගත හැකි ඒවා බවත් ඔවුහු පෙන්වා දෙති.

රට වටාම මහා සාගරය ඇති ශ‍්‍රී ලංකාව පසුගිය 2018 වසරේදී පමණක් ටින්මාළු ආනයනය සදහා රුපියල් මිලියන 8663ක් ද උම්බලකඩ ආනයනය සදහා රුපියල් මිලියන 1528ක් ද, හාල්මැස්සන් සහ වෙනත් කරවල ආනයනය සදහා රුපියල් මිලියන 9459 සහ 4291 බැගින් වැය කර ඇති අතර සියඹලා සහ කොමඩු ආනයනය සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 16ක් හා 32කි.

බිබිල ඇතුළු ප‍්‍රදේශවල දේශීය පැණි දොඩම් විකුණාගත නොහැකි තත්ත්වයක් තුළ ආනයනික දොඩං සදහා රුපියල් මිලියන 942ක් ද ආනයනික ඇපල් සදහා රුපියල් මිලියන 4307ක් ද වැය කිරීමට සිදුවීම ගැන‘රට වැසියන් ලෙස අප ලැජ්ජා විය යුතු බවයි ආර්ථික විශේෂඥයෝ පවසන්නේ.

මේ අතර අද (4) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ද සදහන් කළේ ‘දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන වඩාත් පුළුල් කිරීමට සහ ඒවා පාරිභෝජනය කිරීමට ජනතාව කඩිනම් පියවර ගත යුතු බවයි. එම මාධ්‍ය නිවේදනය සහ 2018 වසරේ ආනයනය කළ කෘෂිකාර්මික නිෂ්පාදනවල වටිනාකම් පහත දැක්වෙනවා.

Recommended For You

About the Author: Editor