‘මෛත‍්‍රීගේ අනාගත දේශපාලන සැලසුම් ගැන’ රාජ්‍ය ඇමැති දයාසිරිගෙන් හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව ශ‍්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවා. එහිදී ජයසේකර මහතා කියා සිටියේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බවයි.

ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (4) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි. වැඩි දුරටත් කරුණු දැක්වූ දයාසිරි ජයසේකර මහතා,

‘මේ මාස තුනේදී පාර්ලිමේන්තුවට එන්නේ නැතිවෙයි.ඒත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස පක්ෂය ඉදිරියට ගෙන යාමටත් අපිටත් ශක්තියත් ලබා දීමටත් එතුමා ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ඒවි. එසේ පැමිණ දූෂණවලින් තොර නායකයෙක් ලෙස ඔහු ඉදිරියට යාවි’

මෙහිදී තම අමාත්‍යාංශය ගැන කරුණු පැහැදිලි කරමින් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ තම අමාත්‍යාංශය ඉදිරියේ නවීන වාහන කිහිපයක් නවතා ඇති නමුත් ඒවා භාවිතයට ගැනීමට නොහැකි බවයි.

‘මගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් කරන්නේ නෑ. වියදම් සීමා කිරීම වෙනුවෙන් ජනපති ගේඨාභය රාජපක්ෂ මහතා අපිට ක‍්‍රියාවෙන්ම ආදර්ශ ලබා දී තිබෙනවා. අද එතුමා ගමන් කරන අවස්ථාවේ ධාවනය වන්නේ වාහන 4ක් පමණයි’

එහෙත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මගේ භාවිතයටත් වාහනයක් නෑ. මම හිතනවා ජනපති ලේකම් කාර්යාලයෙන් වත් වාහනයක් ලබාදේවි කියලා’ ඇමැතිවරයා තමන් මුහුණ දී සිටින තත්ත්වය පැහැදිලි කරමින් පැවසුවා.

Recommended For You

About the Author: Editor