ෂාරුක් ඛාන්ගේ මීළඟ ‘විකට ක්‍රියාදාම චිත‍්‍රපටය’ ගැන ඔබ දැනගත යුතු සියල්ල

All you need to know about Shah Rukh Khan’s next comic action thriller

ෂාරුක් ඛාන්ගේ මීළඟ විකට ක්‍රියාදාමය ගැන ඔබ දැනගත යුතු සියල්ල

‘ෂාරුක් ඛාන්’ කියන්නේ ඉන්දියානුවන් ඇතුළු ‘බොලිවුඞ් සිනමා ලෝලීන්ට’ පුරාවෘත්තයක්. ඒත් ෂාරුක් ලෝලීන් කියන්නේ සැලකිය යුතු කාලයකින් තමන් ෂාරුක්ගේ අලූත් සිනමා රංගනයක් නොදුටු බවයි.

කතාව ඇත්ත. මේ සුපිරි බොලිවුඞ් වීරයා, ෂාරුක් ඛාන් සිනමා පටකයින් අප අවසන් වරට දුටුවේ ආනන්ද් එල් රායිගේ Aanand L Rai’s Zero චිත‍්‍රපටයේ. ඒත් ඒ සෑහෙන කාලයකට පසුව.

ඔන්න දැන් බොලිවුඩයෙන් අලූත්ම අලූත්, උණුසුම්ම උණුසුම් පුවතක් වාර්තා වෙනවා. සිනමාකරුවන් කිහිප දෙනෙකුගේ එකතුවක් ඇතිව ‘සුපර්ස්ටාර්ගේ’ මීළඟ චිත‍්‍රපටය තව නොබෝ දිනකින් සිනමා ශාලාවලට එන බවයි බොලිවුඞ් වාර්තා කියන්නේ.

සිය 54 වන උපන්දිනය දා ෂාරුක් තමා තිර පිටපත් කිහිපයක් කියවන බව නිවේදනය කළ බව අපට මතකයි. එහිදී ෂාරුක් කියා සිටියේ තමා අලූත් තිරපිටපත් දෙකක් කියවමින් සිටින බවයි. ඔන්න දැන් ඉන් එක චිත‍්‍රපටයක් අවසන් වෙලා තිබෙනවා.

‘රාජ් නිදිමෝරු සහ ක්‍රිෂ්ණා ඩී.කේ  Raj Nidimoru and Krishna DK විසින් අධ්‍යක්ෂණය කරන ‘ප‍්‍රහසන ක‍්‍රියාදාම’ “the stylish action film  චිත‍්‍රපටයක් තමයි ෂාරුක් වෙනුවෙන් මීළඟට රිදී තිරයට පිවිසෙන්නේ. එය ලබන වසරේදී තිරගත වීමට නියමිත බවයි නවතම බොලිවුඞ් වාර්තා කියන්නේ

බොලිවුඞ් වාර්තාවලට අනුව මෙම තිරපිටපත ෂාරුක් විසින් තවමත් ගවේෂණය කර නොමැති අවකාශයක් බවයි කියන්නේ. මෙම චිත්‍රපටය එස්ආර්කේ විසින්ම නිෂ්පාදනය කරනු ඇති බවටද වාර්තා වන අතර එය ඉන්දියාවේ සහ විදේශයන්හි විදේශීය ස්ථානවල රූගත කිරීමට අපේක්ෂා කරනවා.

ෂාරුක් ඛාන් ඊළඟ ව්‍යාපෘතිය

මෙම චිත‍්‍රපටය ගැන වැඩි දුරටත් කරුණු දක්වන බොලිවුඞ් මාධ්‍ය වාර්තාවලට අනුව, එහි සටන් ජවනිකා සහ අසීරු දර්ශන (ත‍්‍රාසජනක) ජාත්‍යන්තර ස්ටන්ට් කාර්ය මණ්ඩලයක් international stunt crew කැඳවීමට නියමිතව තිබෙනවා. මේ වන විට රාජ් සහ ඩී.කේ තිර පිටපත ලබා පිළිබඳ අවසන් එකඟතාවට පැමිණ ඇති අතර රූගත කිරීම් සිදුකරන ස්ථාන සහ ප‍්‍රධාන නිළිය වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ෂාරුක් ඛාන් ලබන වසරේදී තිරගත වීමට නියමිත තවත් චිත්‍රපටයක පෙනී සිටිනු ඇතැයි බොලිවුඞ් වාර්තා කියනවා.

ෂාරුක් ඛාන් ඊළඟ ව්‍යාපෘතිය

By Filmfare

Recommended For You

About the Author: Editor