සෑම මිනිත්තු දෙකකට වරක්ම ‘මැලේරියාවෙන් දරුවෙකු මරුට’ – WHO

මැලේරියාව හේතුවෙන් සැම මිනිත්තු දෙකකටම වරක්ම දරුවෙකු මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

Image result for malaria in africa

එම වාර්තාව අනුව මැලේරියාවෙන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ අප‍්‍රිකා කලාපයටයි. 2018 වසරේදී මැලේරියාව හේතුවෙන් මියගිය බවට හදුනාගෙන ඇති සංඛ්‍යාව 450,000ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. අප‍්‍රිකානු රටවල ජීවත් වන කුඩා ළමුන් සහ ගර්භනී මව්වරුන් රැසක් ඊට ඇතුළත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ගිනිකොන දිග ආසියානු කලාපීය රටවල ද මැලේරියාව ව්‍යප්තවන බවට තොරතුරු තහවුරු කරගෙන තිබෙන බවත් තත්වය පාලනය කිිරීම සදහා වැඩපිළිවෙළ රැසක් මේවන විටත් ක‍්‍රියාත්මක බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් සදහන් කරනවා.

Recommended For You

About the Author: Editor