හිටපු අගමැති රනිල් අගමැති මහින්දගෙන් ඉල්ලන ‘හිටපු අගමැති වරප‍්‍රසාද’ මෙන්න

විශ‍්‍රාම යන අග‍්‍රාමාත්‍යවරයෙකුට හිමිවිය යුතු සියලු වරප‍්‍රසාද ඉල්ලා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙනවා.

හිටපු අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප‍්‍රසාද ලබාදෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ ලේකම්වරයා ද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

හිටපු අගමැතිවරයා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට ඉදිරිපත් කර ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග කියනවා.

ඒ අනුව, වෙඩි නොවදින මෝටර් රථයක්, පොලිස් වාහන 09ක්, ගිලන් රථයක්, අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන 08ක්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්, හමුදා සහ පොලිස් ආරක්ෂක බලඇණි, නිල නිවසක්, කාර්යාල පරිශ‍්‍රයක් සහ ලේකම්වරයෙකු ද ලබා දෙන ලෙසයි අදාළ ලිපි මගින් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

Recommended For You

About the Author: Editor