13 වැනි සාෆ් ක‍්‍රීඩා උළෙල: ශ‍්‍රී ලංකාව පදක්කම් 69ක් දිනා ගෙන සිවුවැනි ස්ථානයේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් සහ රීදී පදක්කම් ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. එම ඉසව්වේ රන් පදක්කම ලක්ෂිණී සාරංගි විසින් දිනාගත් අතර අංජනී උත්පලා රිදී පදක්කමට හිමිකම් කිව්වා.

මේ අතර අද පැවැති සෙසු මලල ක්‍රීඩා ඉසව් වලදී ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කම් 2 ක් හිමි වුණා. පිරිමි මීටර් 200 ඉසව්වට සහභාගි වූ විනෝජ් සුරංජය (තත්පර 21.19) සහ පිරිමි මීටර් 10,000 ඉසව්වට සහභාගි වූ කේ. ශන්මුගනේෂ්වරන් (විනාඩි 30:49.30) ශ්‍රී ලංකාවට එම රිදී පදක්කම් දිනා දුන්හ.

නේපාල‍යේදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාෆ්* සිවුවැනි දිනය නිමාවන විට (4දා* රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 38ක් සමග පදක්කම් 69 ක් දිනා සිටින ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවෙනවා.

රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සමග පදක්කම් 68ක් දිනා සිටින ඉන්දියාව පදක්කම් සටහනේ පළමු ස්ථානයේ සිටින අතර සත්කාරක නේපාලය රන් පදක්කම් 29ක්, රිදී පදක්කම් 15ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමග පදක්කම් 69 ක් දිනා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන පාකිස්තානය රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් සමග දිනා සිටින මුලු පදක්කම් සංඛ්‍යාව 45 ක් වන අතර පස්වන ස්ථානයේ පසුවන බංග්ලාදේශය රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 7ක්, ලෝකඩ පදක්කම් 26ක් සමග පදක්කම් 37ක් දිනා ගෙන ඇති අතර රන් පදක්කම් 01ක්, ලෝකඩ පදක්කම් 2ක් සමග පදක්කම් 03ක් දිනා ගෙන සිටින මාලදිවයින 06 වැනි ස්ථානයේ ද ලෝකඩ පදක්කම් 04ක් පමණක් දිනාගෙන සිටින භූතානය 07 වැනි ස්ථානයේද පසුවෙනවා.

Recommended For You

About the Author: Editor