Sirikotha Gossip: සජිත් පාර්ශ්වයේ ‘තර්ජන ගර්ජන මැද’ කරු එජාප මුල් පුටුවට ළංවෙද්දී මංගල – රංජන් අනාථ වන හැඩ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා රනිල් – සජිත් පාර්ශ්වය අතර යළිත් උත්සන්න වී ඇති බල අරගලයට විසදුමක් ලෙස එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරමින් එහි සභාපතිධූරය වත්මන් කථානායක කරු ජයසූරියට ලබා දීමට යෝජනා වී තිබෙන බව එජාප ඉහළ පෙළේ ආරංචි මාර්ග කියනවා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිරිකොතේදී පැවැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදී මෙම තීරණය ලබා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

නව සැලසුම අනුව ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමේ වගකීමද කරු ජයසූරිය වෙත පැවරීමටද තීන්දු කර තිබෙන අතර මෙම යෝජනා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමටයි රනිල් පාර්ශ්වයයේ සැලසුම වන්නේ.

මේ සමග එජාප වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම ළඟදීම සිදුවන බවද එම ආරංචි මාර්ග කියනවා.

මේ අතර ජනපතිවරණ පරාජයෙන් පසු ජනමාධ්‍ය හා පොදුජනතාව හමුවීම වර්ජනය කර සිටි සජිත් පේ‍්‍රමදාස මහතා හෙට (5* සිට යළි සක‍්‍රීය දේශපාලනයේ යෙදෙනු ඇති බව සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙක් වන හරීන් ප‍්‍රනාන්දු කියනවා. ඔහු සදහන් කළේ ආගමික උත්සව සදහා සහභාගී වීම සහ පොදුජනතාව හමුවීම මේ අනුව සිදුවනු ඇති බවයි.

මේ අතර එජාප නායකත්වය හා විපක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාටම හිමිවිය යුතුය යන ස්ථාවරයේ තම කණ්ඩායම දැඩිව සිිටින බවත් එජාප වත්මන් නායකයා එවැනි ධනාත්මක ප‍්‍රවේශයකට යොමු නොවුවහොත් එජාපයට කනගාටුදායක ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇති බවට ද හරීන් ප‍්‍රනාන්දු මහතා අනතුරු අගවනවා.

මේ අතර කරු ජයසූරිය මහතා ද පසුගිය දා මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ඇති අතර මෙම පියවර කරු කිසියම් තීරණාත්මක තීන්දුවක් ගැනීමේ පෙර නිමිත්තක් විය හැකි බවට දේශපාලන නිරීක්ෂකයෝ කියනවා.

මේ අතර පසුගිය ජනපතිවරණ පරාජයට ඍජුව බලපෑ බව කියන සිංහල බෞද්ධ ඡුන්ද අහිමි වීමට හේතු වූ මංගල සමරවීර මහතාට සහ රංජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා නොලැබෙනු ඇති බවයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ

Recommended For You

About the Author: Editor