අජේට කලින් ‘ෂාරුක්’ විවාහ යෝජනාවක් කළා නම් ඔහු සමග විවාහ වෙනවා – කාජල්

‘ෂාරුක් – කාජල්’බොලිවුඩ් සිනමා රසකයින් මන්මත් කරන පෙම් යුවළක්. ඒත් පසුගිය කාලයේ බොලිඩුව් රිදී තිරයේදී ෂාරුක් – කාජල් රඟපාන ආකාරය දැක්කේ නැහැ. ඒක ලොකු අඩුවක් වගෙයි අපි කාට කාටත් දැනුණේ. ඔන්න දැන් ඒ අඩුව අද හෙට සම්පූර්ණ වෙන බව කාජල්ම තහවුරු කරලා තියෙනවා.

ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙනී සිටින තවත් බොලිවුඩ් චිත්‍රපටයක් නුදුරේදීම රූගත කිරීමට නියමිතව ඇති බවට ඉඟි පළවී තිබෙන නමුත් එම නිර්මාණය පිළිබඳ වැඩිදුර තොරතුරු කිසිවක් අන්තර්ජාලයට මුදා නොහැරීම නම් කනගාටුවට කරුණක්.
කොහොම වුණත් බොලිවුඞ් මාධ්‍යවලට වසං වූ මේ පුවත කරළියට ආවේ කාජල්ගෙන්ම වීම විශේෂත්වයක්. පසුගිය දිනවල කාජල් විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඇයගේ රසිකයන් සමඟ ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත් වූවා.

Image result for shah rukh khan and kajol

ඔන්න ඉතිං, මේ ප්‍රශ්නෝත්තර සැසියේ දී බොහෝ රසිකයන් කාජල්ගෙන් ඇගේ චිත්‍රපට, පවුලේ අය සහ තවත් බොහෝ දේ ගැන විවිධ ප්‍රශ්න ඇසූවා. මේ අතර එක් රසිකයෙක් ඇසුවේ ඇය නැවත ෂාරුක් ඛාන් සමඟ වැඩ කරන්නේ කවදාද කියලයි. ඇය එහිදී පිළිතුරු දුන්නේ එය SRk ගෙන් විමසන්න කියලයි.

මේ අතර තවත් රසිකයෙක් ඇසුවේ ඇයට අජේ දේව්ගන්ට පෙර ෂාරුක් හමුවූවා නම් ඔහු සමග විවාහ වන්නේද යන්නයි. එයට කාජල් පිළිතුරක් ලබා දෙමින් කියා සිටියේ එම යෝජනාව මුලින්ම කළ පුද්ගලයා සමඟ විවාහවන බවයි. අජේ සහ කාජල් 1999 පෙබරවාරි 24 වන දින විවාහ වුණා.

ෂාරුක් – කාජල් සිනමාවේදී පෙම්වතුන් ලෙස වසර කිහිපයක් අඛණ්ඩව සම්මානයට පාත්‍ර වුණා. ඒ අතර දිල්වාලේ දුල්හානියා, ලෙජයෙන්ගේ සිට 2015 වසරේ තිරගත වූ රෝහිත් ෂෙට්ටිගේ ‘දිල්වාලේ දක්වා චිත‍්‍රපට රැුසක ’ෂාරුක් – කාජල් පෙම්වතු ලෙස රංඟනයෙන් නිරත වුණා.

Recommended For You

About the Author: Editor