කෝප වන්නන්ට හෘදයාබාධ අවදානමක්

අධික කෝපයට පත් වන උදවිය හෘදයාබාධ වැළඳීමේ ඉහළ අවදානමකට ලක් වන බව එක්සත් ජනපදයේ සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ.

හදිසි කෝපයක් ඇතිවී පැය දෙකක් ඇතුළත දී හෘදයාබාධයක් ඇති වීමට පවතින අවදානම පස් ගුණයකින් ඉහළ යන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

නිතරම පාහේ හදිසි කෝපයට පත් වන උදවිය මුහුණ දෙන අවදානම ක්‍රමයෙන් ඉහළ යන බවද මෙම පර්යේෂණයෙන් හෙළි වී තිබේ.

ඇති වූ කෝපය පිට කරන අයට වඩා කෝපය හිර කර ගෙන සිටින්නන් හෘදයාබාධයක් වැළඳීමේ වැඩි අවදානමකට මුහුණ දෙන බවද මෙම පර්යේෂණය මෙහෙයවූ වෛද්‍යවරු පවසති

Recommended For You

About the Author: Editor