මංගලට – රන්ජන්ට ‘නාම යෝජනා’ ගැටලු නෑ – නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූ ම දෙනාට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදෙන බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා කියනවා.

ඊයේ (4) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි එජාප ජාතික සංවිධායකවරයා මේ බව සඳහන් කළේ.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ නවීන් දිසානායක මහතා, ‘එජාපයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකුට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා නොලැබෙන බවට කිසියම් පිරිසක් විසින් මතයක් ගෙන යනවා. එහි සත්‍යතාවක් නැහැ. වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දෙනාට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නාම යෝජනා ලැබෙනවා. ඒත් පක්ෂයට සුවිශාල සේවයක් කළ අපේ ජ්‍යේෂ්ඨ, වයෝවෘධ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් දැනටමත් ප‍්‍රකාශ කරලා තිබෙනවා තමන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නා බව. ඒ තත්ත්වය හැරුණාම අපිට නාමයෝජනා සම්බන්ධයෙන් ගැටලූවක් නැහැ’

Recommended For You

About the Author: Editor